Local News

මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා වලින් එන බාධා අවම කර ගැනීමේ විශේෂ සැලැස්මක්

2020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින්  2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත. ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ Read More

කොරෝනා එන්නත්කරණය අයාලේ

ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔවුන් චෝදනා කරන්නේ එන්නත් කරන වැඩපිළිවෙළ මූලික සැලසුම් බලධාරීන් විසින් විටින් විට සංශෝධනය කරන බවයි. එන්නත කරන වැඩ පිළිවෙල පිළිබඳව නිසි සැලසුමක් ලිඛිතව ලබා දෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක Read More

රත්නපුරයෙන් තවත් ආසාදිතයින් 62ක්

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් 35 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 425 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 62ක් ලෙසයි. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් Read More

සා.පෙළ විභාගය හෙටින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතයි. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අපේක්ෂකයින් 622,352 දෙදෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර Read More

ජල විදුලි උත්පාදනය පහතට

ජල විදුලි උත්පාදනය පහත වැටීම සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක මතුවෙමින් පවතිනවා. විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් සියයට 74 ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුව ඇති බවයි. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම් පහත වැටීම සමග ජල විදුලි නිෂ්පාදනය සියයට 23.1 Read More

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික සහය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පළ කළ ස්ථාවරයට පුළුල් අන්තර් ජාතික සහයක් ලැබී තිබේ. ඊයේ පැවති විවාදයේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අදහස් දැක්වූ රටවල් සංඛ්‍යාව 21ක්. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඉකුත් බදාදා රාත්‍රී මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ, සභාගත කෙරිණ. බහුතරයක් ශ්‍රී ලංකාවේ Read More

අනුර සේනානායක සමුගනී

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිඛේ.

හිටපු ජනපති හා හිටපු අගමැති හදිසියේ හමුවෙයි. කතාව පාස්කු වාර්තාව ගැන?

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ ඊයේ (23) දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හමුවක් කොළඹ දී සිදුව ඇත. හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුවූයේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ය.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට Read More

අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයනා අක්කර 500ක වගා වපසරියකට හිමිකම් කියනා නාඋල – අඹන මහ වෙල්යායට වසර පහක පමණ කාලයක සිට පවතින වන අලි තර්ජන හේතුවෙන් තමන්ට ගිනිඅවි හෝ දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති. ගොවි පවුල් 800ක් පමණ වර්ෂයකට තුන් වතාවක් වගා කටයුතු සිදු කරනු ලබනා අඹන මහවෙල් යායේ මෙවර එළවළු සහ වී වගා Read More

ජනපති හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්විණි. සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන Read More

t

o

p