Local News

කොවිඩ් ආසාදිතයින් 1200 ඉක්මවයි

ඊයේ(4) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1,243 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 615,902 දක්වා ඉහළ යයි. මේ සතියේදී පසුගිය සතියට වඩා කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සියයට 30කින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා Read More

අත්හිටුවූ දුම්රියන් යළි ධාවනය කරවීම ප්‍රමාද වන ලකුණු

අත්හිටුවා ඇති දුරගමන් සේවා දුම්රිය සහ තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නම් නියාමකයන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ අත්හිටුවා ඇති දුම්රිය ආරම්භ කිරීමට මේ දක්වා තීරණය කර නොමැති බවයි.

කොවිඩ් ආසාදිත ගැබිනි කතුන් වර්ධනයක්

කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඊයේ (4) පැවසීය. මේ කාන්තාවන් අතර ඩෙංගු වයිරසය සෑදුණු අය ද සිටින බව පැවසූ ඒ මහතා, උණ රෝගයත් සමඟ දින 4ක් හෝ 5ක් නිවෙස් රැඳී සිටියහොත් රෝගී තත්ත්වය දරුණු විය හැකි බැවින් ප්‍රදේශයේ වෛද්‍යවරයා හමු වී උපදෙස් Read More

විදුලි කප්පාදුවක් සිදුනොවන බවට නැවතත් ඇමතිගෙන් ප්‍රකාශයක්

අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවය.

අඩු ආදායම්ලාභි පවුල් තුළ මන්ද පෝෂණ අවදානමක්

රට තුළ උද්ධමනය ඉහළයාම හේතුවෙන් අඩු ආදායම්ලාභි පවුල් තුළ දැඩි ආහාර ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ එම පවුල්වල මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ද පවතින බවය.

දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ; දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාධනය විම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද දිනයේදී අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ 02 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 02 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ Read More

කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගියාය. පසුගිය 28 වැනි දා පාසල් ගොස් නිවසට පැමිණි ඇය රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහලේ දී කරන ලද පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව Read More

පාසල් කාලයේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. “ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි. එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි. විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි Read More

නැවතත් රට ලොක්ඩවුන් කරයි ද?

රට නොවසා, කොරෝනාවෛරසය පැතිරීමට ඉඩ නොදී කටයුතු කිරීම සඳහා ජනතාව පුරුදු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. වසර ගණනක් රට වසා තබා සිදු වූ හානිය අතිමහත් ය. රට වසා තබන විට ආසාදිතයින් සංඛ්‍යාව පහළ යන බව ත් රට විවෘත කළ පසු එම සංඛ්‍යාව යළි ඉහළ යන බවත් Read More

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ගැන දැනුම්දීමක්

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා වන ක්ෂේත්‍ර ගණන්ගැනීමේ කාලසීමාව තුළ ග්‍රාම නිලධාරී ස්ථානමාරුවීම් සහ ග්‍රාම නිලධාරී කාර්යාල දින සීමාකිරීමට තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන පෙබරවාරි මස පළමුවනදා සිට ජුනි Read More

t

o

p