Local News

කිරි තේ එකක් රුපියල් සීයයි

පවතින තත්වයන් මත කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි. කිරිපිටි මිල ඉහල දැමීම, ගෑස් හිගය ආදී කාරණා මත මෙම තත්වය උදා වී ඇතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.

කිරිපිටි මිල යළිත් ඉහළට

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 260කින් ඉහළ දෑමීමට යෝජනා වී ඇති බව Read More

විදුලි බිල දෙගුණයකින් ඉහළට

සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන Read More

කඩදාසි හිගයෙන් පාසල් වාර විභාග කල් දැමේ

කඩදාසි හා අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 6,7,8 ශ්‍රේණි වාර විභාග සංශෝධනයටත්, 04,09,10,11 ශ්‍රේණි විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උපදෙස් ලබා දී තිබෙනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ මේ වන විට මුද්‍රණ ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙරට පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට බරපතල Read More

බොරතෙල් ගෙන්වීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකමින් සපුගසුකන්ද හෙට (20) සිට යළි වැසේ

බොරතෙල් තොග අවසන් වෙමින් තිබෙන බවත්, මේ මස 20වැනිදා සිට නැවත වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත් තෙල්, වරාය, විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. බොරතෙල් නොමැති වීම නිසා මේ වසරේ ජනවාරි 08 වැනිදා සිට පෙබරවාරී 03වැනිදා දක්වා මාසයක කාලයක් පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවත්, පසුගිය වසරේ නොවැම්බර් 15වැනිදා සිට දෙසැම්බර් 03 Read More

මැදින් පුර පසලොස්වක පොහොය අදයි

‍ මැදින් පුර පසලොස්වක් පොහොය දිනය අදට (17)  යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ ද අද වැනි දින බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. 20,000 ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳ හෙළිම සඳහා යමාමහ පෙළහර පෑම ද වූවේ අද වැනි දිනකය. Read More

පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැස්වේ…

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට අද (16) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අනුව අදාළ සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මතකර ගැනීමට නියමිත බවද රෝහණදීර මහත්මිය සඳහන් Read More

ගෑස් සමාගම් ගෑස් බෙදාහැරීම නවතයි

ලංකාවේ ප්‍රධනාතම ගෑස් සමාගම් දෙක වන ලිට්රෝ හා ලාෆ් යන ආයතන තමන් ගෑස් බෙදා හැරීමෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් බෙදා හැරීමෙන් ඉවත් වන බව ඔවුන් කියා සිටියි. කර්මාන්ත ශාලා සඳහා පමණක් ගෑස් තොග නිකුත් කරන බවද ඔවුන් පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇණවුම් කළ ගෑස් රැගත් නැව් දෙකක් Read More

ඉන්ධන මිල ඉහලට

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත. ඒ අනුව එම සමාගම පවසන්නේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බවය. එමෙන්ම ඩීසල් ලීටරයක් 15කින් ඉහළ නංවා ඇති බව එම සමාගම සඳහන් කරයි. මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් Read More

සදුදා සිට විදුලි කප්පාදුව තවත් වැඩියි

සදුදා දිනයේ සිට විදුලි කප්පාදුව තවදුරටත් බැරැරුම් තත්ත්වයට පත්වුණු ඇති බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේය. ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඇත්තේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක් බවත් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම ඊට හේතුව බව ද හෙතෙම පැවසීය.

t

o

p