Local News

තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක්

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

ආණ්ඩුවේ පක්ෂ සෙළවෙයි

බුලත් කොළය සළකුණින් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව සමග සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවට යි ශ්‍රීලනිප මහලේකම්වරයා අනාවරණය කරන්නේ. එවන් තත්ත්වයක් මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමේ කටයුතු සිදුවෙමින් Read More

දිවයින පුරා වායු ගෝලයේ කැලඹිලි තත්වයක්

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (1) වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ට වැඩි තද වැසි සහ සෙසු ප්‍රදේශවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි Read More

ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි

ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි. අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි. මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්‍රභල අභියෝගය වූයේ, දැනට වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී දැඩි මානසික පීඩනයකට පත්ව සිටීමයි. Online Read More

ඩොලර් නැති නිසා වරායේ ඇති කිරිපිටි ආපසු හරවා යැවීමේ සූදානමක්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි. වරායේ සිර වී ඇති Read More

සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී

සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි. ගොවීන් ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත් තිය සමිති පවසන්නේ සහල් සඳහා මේ දක්වා ගැසට් පත්‍ර 10 ක් පමණ නිකුත් කර අවලංගු කර Read More

අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි දිවයින පුරා ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ඊයේ(30) සිට බලපැවැත්වෙන පරිදි ය. මේ අතර ඊයේ(30) රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් Read More

රුපියල් 2,000 නොලැබුණු පුද්ගලයින්ට දැනුම් දීමක්

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ සුදුසුකම් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 Read More

තණමල්විල සුළු භූ කම්පනයක්

තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. රික්ටර් මාපකයේ ඒකක 2.00 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ. ඊයේ(24)  රාත්‍රී 9. 20 පමණ මෙම භූ කම්පනය සිදු වී ඇත.

මහජන ගෞරවයත් අහිමිව අවසන් ගමන් ගිය මංගල

මෙරට දේශපාලනයට අමතක නොවන දිනයක් එක් කරමින් කෘතහස්ත දේශපානඥයෙකු වූ මංගල සමරවීර මහතා (24) දිනයේ දී ජීවිතයෙන් සමුගත්තා. 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වුණා. ඉන් අනතුරුව ඔහු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශ කිහිපයක්ම හොඹවන්නට සමත් වුණා. Read More

t

o

p