Local News

ආරියවතීව හූ කියා පන්නා දමයි

ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්තිට එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය. වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධය එල්ල විය. සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ Read More

විදුලි බලාගාර කිහිපයකට ඉන්ධන නිකුත් කරයි

ඉන්ධන මගින් ක්‍රියාත්මක වන බලාගාර සදහා අවශ්‍ය ඩීසල් මෙට්රික් ටොන් 5,800ක පමණ ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කෙරවලපිටිය, කැළණිතිස්ස සහ සුජිට්ස් යන තාප බලාගාර සදහා එම ඉන්ධන තොගය නිකුත් කළ බවයි.

පොහොට්ටුවේ මන්ත්‍රිවරු ස්වාධීන වෙති

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට ඇත. මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ. මොවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම Read More

පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල ලීරයක මිල රුපියල් 49කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. නව මිළ ගණන් ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් වෙයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332ක් වනු ඇත.

මැති ඇමතිවරුන්ගේ නොගෙවු වතුර බිල මිලියන 16ක්

දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රු.මි 68 ක ණයක් ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් විය. මෙහිදී ණය කරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාත්මක වන බවත් පැමිණ සිටි නිලධාරීහු පැවසූහ. Read More

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගැනීමට සාකච්ඡා

යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්  විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය. මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ Read More

වෛද්‍ය ෂාෆිගේ හිඟ වැටුප් ගෙවන බව නීතිපති අධිකරණයට කියයි.

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වීම මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් විසින් ගොනු කළ රීට් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ Read More

අධිභාර බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි

ඉදිරිපත් කර ඇති අධිභාර බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව කතානායක මහින්ද යාපා අෙබ්වර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්ෙන්ය. එය පහත දැක්ෙව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලද “අධිභාර බද්ද” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව සමස්තයක් ලෙස සලකා Read More

නිමල් ලන්සා ගිය මඟ යන්නට තවත් රාජ්‍ය ඇමති පිරිසක් ලැහැස්ති වේ.

ග්‍ර්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් යවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් ඇමතිවරු කිහිප දෙනෙකුද මේ සතියේදී ඉල්ලා අස්වනු ඇතැයි Read More

t

o

p