Local News

අවුරුද්දට සුරාසැල් වැසේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර වාන් දොරටු දෙකක් අඩි 4ක් බැගින් විවෘත කර තිබෙනවා. මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. කාසල්රී , කැනියොන් Read More

රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සීමා කරයි

සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් ඉදිරියට මාසයකට පමණක් ඖෂධ නිකුත් කරන ලෙසත් හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කරන ලෙසත් ඖෂධ සැපයීම නියාමන හා බෙදාහැරීමේ රාජ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී තිබේ. මේ වන විට රෝහල්වල ඖෂධ වර්ග 140ක අඩුවක් පවතින නමුත් මෙම හිඟය ක්‍රමයෙන් මගහරවා ගැනීමට අවශ්‍ය ඖෂධයන් මිල Read More

එකඟතාවක් නොමැතිව අවසන් වූ ජනපති – මන්ත්‍රී සාකච්ඡාව

රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනාධිපතිවරයාගේ Read More

රටපුරා තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඇතිවූ වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන අතර Read More

රාජ්‍ය සේවකයින් රජයට එරෙහිව උද්ඝෝෂණයක

ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් එක්ව යුක්තිය උදෙසා පුරවැසි හඩ සංවිධානය විසින් උද්ඝෝෂණයක් (08) දින සිදු කරනු ලැබුහ. එම උද්ඝෝෂණයට එක් වු මහ සංඝ රත්නය , ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් කියා සිටියේ මේ රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි බවත්, දිනෙන් Read More

විරෝධතා අතතුර තරුණියක් පොලීසියට රෝස මලක් දෙයි

ජනතාව පීඩාවට පත්කෙරෙන කරුණු රැසකට විසඳුම් ඉල්ලා (08) ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධානය කර තිබුණි. එක්තරා තරුණියක් රෝස මලක් අතින් ගෙන පොලිස් නිලධාරියෙක් දෙසට දිගු කළ අතර පොලිස් නිලධාරියෙක් විසින් එම රෝස මල ලබා ගත්තේය. “ඔයාලටත් නංගිලා.. මල්ලිලා.. අක්කලා..අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න,” යනුවෙන් ඇය එහිදී පැවසුවාය. කෙසේවෙතත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන Read More

මුදල් මුද්‍රණය සීමා කරයි

අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බව ද හෙතෙම පැවසීය.

ඥානක්කාගේ නිවස වටලයි

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේවිරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී යයි වාර්තාවේ. ජනපතිගේ ප්‍රධාන උපදේශිකාව ලෙස සැලකෙන, විශාල සැලකිලි හා ආරක්ෂාවක් ලැබී ඇමතිවරියක ලෙස කල්ගත කරන බව කියන ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර පිහිටි සුඛොපබෝගී නිවසට කඩා වැදී විරෙිධය Read More

t

o

p