Local News

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන Read More

මුදල් මුද්‍රණය සීමා කරයි

අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බව ද හෙතෙම පැවසීය.

ඥානක්කාගේ නිවස වටලයි

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේවිරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී යයි වාර්තාවේ. ජනපතිගේ ප්‍රධාන උපදේශිකාව ලෙස සැලකෙන, විශාල සැලකිලි හා ආරක්ෂාවක් ලැබී ඇමතිවරියක ලෙස කල්ගත කරන බව කියන ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර පිහිටි සුඛොපබෝගී නිවසට කඩා වැදී විරෙිධය Read More

තීරණාත්මක පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වෙයි. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ඉල්ලීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසිනි.

’කාල්ටන්’ වටලයි

සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව අද (4) තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.

කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

අලුත් ඇමතිවරු දිවුරයි

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම දීම සිදුවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් ඇත. මුදල් ඇමති – අලි සබ්රි අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමති – ජී.එල්. පීරිස් මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු අත්අඩංගුවට

රට තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ රාත්‍රී දහය අද පෙරවරු හය අතර කාලයේ දී බවයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදී පොදු මහා මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු කිසිදු පොදු ස්ථානයක රැදී නොසිටිය Read More

ඇදිරි නීතිය නොතකා විරෝධතා

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි. එම පිරිස් සටන් සහිත විශාල පුවරු සහිතව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිති.

සියළු සමාජ ජාලා අවහිරයි

සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.

t

o

p