Local News

පාන් ගෙඩියක මිලත් රු.30කින් ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ. බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

රඹුක්කන ගැටුම: අයෙක් මරුට: 27ක් රෝහලට

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි. ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු රඹුක්කන ප්‍රදේශයට ඇඳිරි නීතිය

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවන බවට පොලිසිය දැනුම් දී තිබේ . මහජන සාමය ආරක්ෂා කරමින් නිවෙස් වලට වී සිටින ලෙස පොලීසිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

19 සංශෝධනයට ශ්‍රීලනිපය සහාය දෙනවා – මෛත්‍රිපාල සිරිසේන

සමස්ත ජනතාවම ඉල්ලා සිටින ආකාරයට ආණ්ඩුව ඉවත් වී නව ආණ්ඩුවක් පත්වී 19 වන සංශෝධනය යළි ක්‍රියාත්මක කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය. විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් 19 වැනි සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දෙන බවද ඔහු සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් Read More

රටේ අර්බුදය විසදන්න රනිල්ගෙන් යෝජනා 09 ක කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය විසදීම වෙනුවෙන් යෝජනා 09 කින් යුතු කෙටුම්පතක් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොට අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම කෙටුම්පත මෙසේය. දරාගත නොහැකි විදේශ ණය, මුදල් ඒකකයේ කඩාවැටීම සහ අනෙකුත් රාජ්‍ය ආදායමේ බරපතල හිඟය රජය විසින් බංකොලොත් Read More

සහරාන් ගේ V8 එක “සරත් වීරසේකරට ලැබුණු හැටි පාර්ලිමේන්තුවේදි හෙළිවෙයි

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු ලෙස හදුනාගත් සහරාන් හෂීම්ගේ බව කියන Toyota Land Cruiser V8 රථයක් හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර භාවිතා කරන්නේ ද යන්න ගැන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (19) විමසා සිටියේය. මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය යොමු කළේ මෙම කාරණය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග සිරිලාල් තබා ඇති ටුවිටර් පණිවුඩයක් ගැන පෙන්වා දෙමිනි. “පාස්කු Read More

හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනිති

ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වන බවට ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 42 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසනවල අද පෙරවරුවේ (19) අසුන් ගත්හ. තමන්ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසන අවශ්‍ය බවට ඔවුන් කතානායකවරයා වෙත ඊයේ (18) දැනුම් දී තිබූ අතර ඒ අනුව ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවා තිබුනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිට ප්‍රකාශයක් ද Read More

රටේ අර්බුදයට විසදුම් සොයන්න පාර්ලිමේන්තුවට මේ සතියේත් ඉඩ – කථානායක

රටේ පවති අර්බුදයට විසදුම් සෙවීම සඳහා පක්ෂ නායකයන් සමග තවදුරටත් සාකච්ඡා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදි අද (19) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ආරම්භයේදි ප්‍රකාශයක් කරමින්  කථානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය. අප රට තුළ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළින් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් සෙවීම සදහා 2022 අප්‍රේල්  05, 06 සහ 07 දිනයන් හි Read More

හෙට පාසල් පටන් ගැනීම ගැන විශේෂ නිවේදනයක්

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පනී

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට පොලීසිය විසින් බාධා පමුණුවා ඇත. අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ.

t

o

p