Local News

වෘත්තීය සමිති 2000 ක් අද හර්තාලයේ

ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

දුම්රිය හා බස් නවතී

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කරයි.

හොරු ගෝ ගම පිහිටුවයි

ගෝඨාගෝගම, මයිනාගෝගම පිහිටවූ අරගලකරුවෝ ඊයේ (5) රාත්‍රී පටන් ‘හොරුගෝගම’ නමැති අලුත් ස්ථානයක් පිහිටුවන්නට ක්‍රියාකර තිබේ. මේ සදහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසුම් ස්ථානයයි. වත්මන් රජය ක්‍රියාත්මක ප්‍රධාන මර්මස්ථාන තුනක් වන විධායක බලය හිමි ජනපතිගේ හා අගමැතිගේ කාර්යාල දෙකත් ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවත් විරෝධතාකරුවන්ගේ කඳවුරු පිහිටවූ තැන් බවට පත් කරගෙන ඇති අතර අරගලය දිගටම Read More

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ. රජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු පත්කර ගැනීමට ද නියමිත බව සඳහන්ය. ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක්

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. සුදු හා රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස මිලක්ද සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්ත්වයට පත්කර ඇත. ඒ අනුව අද (04) ක්‍රියාත්මකවන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන් ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අද දිනයේ නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කර තිබුනි.

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි. ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

බස්නාහිරට හා දකුණට තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර,සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහදකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී Read More

ඉන්ධන යළි සීමා වන ලකුණු

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වන විට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි. එහි කැදවුම්කරු ආනන්ද පාලිත මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනයකට ඇද දැමීමට බළධාරීන් කටයුතු කරන්නේ ඉන්ධන නොමැති තත්ත්වය වසා ගැනීමේ අරමුණෙන් බවයි.

මත්පැන් ගැන රජයෙන් තීරණයක්

මෙරට නිෂ්පාදිත මත්පැන්වලට අදාළ සංශෝධිත මිල ගණන් අලෙවි ස්ථානවල වහාම ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නියමිත මිලට වඩා වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

t

o

p