Local News

ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය. ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ Read More

රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

යුක්‍රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙයි. එම තත්ත්වය තුළ රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සඳහන් Read More

වසර 75කට පසු ඩුබායි යටවෙයි

වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත් Read More

පින්නවල අලි නිවහනේ අලි උපතක්

පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76 වන අලි පැටියා ලෙස ලේඛනගත විය. ‘භරණ’ ලෙස නම තැබීම ඉකුත් 15 වැනි දිනට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. Read More

සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි

සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වේ. https://forms.gle/8DzuH5LUooxg4czE6 ඔස්සේ මාර්ගගතව ලබාගත හැකි අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය Read More

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙයි. ගිගුරුම් සහිත Read More

ඒ. ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (16) රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණි. මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවුණි.1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා සර්වෝදය ශ්‍රමදාන පදනම බිහිකිරීම Read More

කෙහෙල්බැද්දර පද්මේගේ ගෝලයෙක් අවියක් සමග පොලිස් අත්අඩංගුවට

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් අඛන්ඩව ක්‍රියාත්මක වන පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම් හමුවේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු හෙරොයින් 51g 35g ක්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් (16) වන අද දින මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක දී විදුලි සැර වැඳීම හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වෙයි.

t

o

p