Local News

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

මත්පැන්, වයින්, බියර් යන සියලු ම වර්ගවල මත්පැන් සහ දුම්වැටි සඳහා පනවා ඇති බදු ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව, මත්පැන් සඳහා නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා ඇති අතර දුම්වැටි මත බද්ද 20%කින් ඉහළ දමා තිබේ.

රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය …

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ රජයේ මුදල් කාරක සභාවේදී මෙම අනුමතිය හිමිවිය. 2022 Read More

ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් වැඩිකිරීමට පාර්ලිමේන්තුවේ අනුමතිය

• ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමතිය… • රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට… දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අවසර දෙන ලද ණය සීමාව වන රුපියල් බිලියන 3000 (ට්‍රිලියන 3) ප්‍රමාණය තවත් රුපියල් බිලියන Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන මෘදු පිටපත් ලෙස පමණයි.

මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා ඇතුලු ඊට අදාළ අනෙකුත් වාර්තා මෘදු පිටපත් (Soft Copies) මාර්ගයෙන් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. රටේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට Read More

පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආහාර වියදම මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි – කථානායක

ආහාර සැපයීම සඳහා දරනු ලබන සමස්ත පිරිවැය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ආහාර සැපයීම වෙනුවෙන් දරනු ලබන පිරිවැය ලෙස සැලකීම නිවැරදි හා සාධාරණ නොවන බවට කරුණු ඉදිරිපත්ව ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී දිනට නියමිත නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි තවදුරටත් කරුණු දක්වමින් කථානායක මහින්ද Read More

ගෝඨාගෝගමට දින 50 යි

සෙනසුරාදා (28) ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට දින 50 ක් සම්පූරණ වන අතර ඒ නිමිත්තෙන් එය සමරමින් නැවත කොළඹ අවට දැවැන්ත විරෝධතා රැසක් සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාර අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.දින 50 සපිරීම නිමිත්තෙන් අද විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවත්වීමට Read More

අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිටදී අද (25) දිවුරුම් දෙන ලදි. දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු විය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව Read More

මෙරට පවතින සහල් ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් Read More

අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් සංශෝධනයට කැබිනට් අනුමැතිය

බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ඒ මිල වැඩිකළ ඉන්ධන මිලට සාපේක්ෂවය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

t

o

p