Local News

කථානායකට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදය අද

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වේ. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතය.

X-Press Feeders, 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අංක 1 පෝෂක සේවා සපයන්නා ලෙස විශිෂ්ටත්වයට පත් වෙයි

ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් යළි යළිත් පිළිබිඹු Read More

අධිකරණ ඇමති එංගලන්ත නීතිපති හමුවෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ නීතිපති රාජ නීතීඥ වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මිය හමු වී තිබේ. එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරයන් පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහාය ලබා දීම පිළිබඳවත්, නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවට වාර්තා වෙයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ. එය මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිතයි. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආයතන හරහා, අපනයන, සංචාරක, තාක්‍ෂණය, කෘෂිකර්මය සහ නිෂ්පාදන අංශයන්හි අඩු සේවා නොලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50 ක ණය මාර්ගයක් ද Read More

ෂොපින් මලු නැති නම් දීමනාවක්

පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ඇත. මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් Read More

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය. ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් ඇය සඳහන් කළාය. ජලය නොැලබීයාම හා Read More

මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන් – නාමල් රාජපක්ෂ

ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා Read More

1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගෙන අදට වසර විසි අටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28කි. පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයින් අතරට අරවින්ද ද සිල්වා සනත් ජයසූරිය රොමේෂ් කලුවිතාරණ අසංක ගුරුසිංහ Read More

දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන ගොවීන්ට සුබ ආරංචියක්

CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP ((Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබිනි. විශේෂයෙන් දේශගුණික බලපෑම් Read More

ලොව විශාලතම මැතිවරණය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා

ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ ජුනි අතර පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා සති හතකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිතයි.මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2400කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දීය මහ මැතිවරණය සඳහා බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන බවයි ඉන්දීය මාධ්‍ය Read More

t

o

p