Foreign News

මොරොක්කෝවේ නළ ලිං කුහරයක් තුළ සිරවී සිටි දරුවා මියයයි

මොරොක්කෝවේ නළ ළිං කුහරයකට ඇද වැටී එහි සිරවූ පස් හැවිරිදි දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ශෝකාන්තයකින් අවසන් වුණා. ඒ, දරුවා නළ ලිං කුහරය තුළම මියගොස් සිට ඇති බැවින්. ඉකුත් අගහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටුනු අතර ඊයේ පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා. කෙසේවෙතත් Read More

IS කල්ලි නායකයා අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

අයිඑස් ත්‍රස්තවාදී කල්ලියේ නායක අබු-ඊබ්‍රාහිම් අල්-කුරායිෂි අමෙරිකානු ප්‍රහාරයකින් මිය ගොස් ඇත. මේ බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අයිඑස් ත්‍රස්ත කල්ලි නායකයා ඉලක්කකර ගනිමින් අමෙරිකා විශේෂ බලකා සෙබළුන් අගහරුවාදා රාත්‍රී මෙහෙයුමක් දියත් කළ බව ජනාධිපති ජෝ බයිඩ්න් පැවසීය. ‍එම මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු ත්‍රස්ත නායක අබු-ඊබ්‍රාහිම් සහ ඔහුගේ අනුගාමිකයින් Read More

රූ රැජිනක් සිය දිවි නසාගනියි

අමෙරිකානු රූ රැජිනක් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබුණා. ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි තට්ටුවේ සිටින අයුරු Read More

නවසීලන්තයේ උද්ධමනය ඉහළට

නවසීලන්තයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය දශක තුනකට පසු ඉහළ අගයක් පෙන්නුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ අවසන් මාස 3දී 5.9%කින් ඉහළ ගොස් ඇතැයි ද, 1990 දශකයේ මැද භාගයෙන් පසු මෙවැනි උද්ධමන වේගයක් නවසීලන්තයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉහළ යන ජීවන Read More

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට මුහුණදීමට අමෙරිකාවත් සුදානම්

රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවදානම ඉහළ යෑම හේතුවෙන් එරට සිටින සිය තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම රටින් පිට වන ලෙස අමෙරිකාව නියෝග කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එමෙන්ම යුක්රේනයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට ද යළි අමෙරිකාව බලා පැමිණීමට අවසර ඇති බවත්, එරට සිටින සෙසු අමෙරිකානු ජාතිකයන්ට ද Read More

නවසීලන්ත අගමැතිනිය විවාහ උත්සවය අවලංගු කරයි

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය විවාහ මංගල්‍යය අවලංගු කර තිබේ. නවසීලන්තය තුළ ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමා හේතුවෙන් ඇය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් සමග එකට ජීවත් වන ඇය, 2019 වසරේදී ඔහු සමග විවාහ ගිවිස ගනු ලැබුවාය.

ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල කර ඇත

අබුඩාබි නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

අබුඩාබි නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මිය ගිය දෙදෙනෙකු ඉන්දියානු ජාතිකයින් බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යේමනයේ හූති කැරලිකරුවන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

රටවල් රැසකට සුනාමි අනතුරු ඇගවීම්

ටොංගා දූපතට බලපෑ සුනාමියත් සමග රටවල් රැසක් නිකුත් කල සුනාමි අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක වනු ලබනවා. අමෙරිකාව – ජපානය – ෆිජී සහ නවසීලන්තය සිය රට වැසියන්ට දන්වා ඇත්තේ වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයන්ට නිකුත් කල සුනාමි අනතුරු ඇගවීමත් සමග වෙරළ තීර රැසක් වසා දමා තිබෙනවා. Read More

කලහකාරීන්ට වෙඩිතබන ලෙස නියෝගයක්

කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින් ට “අනතුරු ඇඟවීමකින් තොරව” වෙඩිතබන ලෙස කසක්ස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ. රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය සඳහා ඔහු එම නියෝගය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය. ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට ප්‍රධාන නගරය අල්මාටි නගරයට ප්‍රහාරයක් එල්ලකළ බවය.

t

o

p