Foreign News

නව තානාපතිවරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනලදි. ඒ අනුව තායලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මැතිතුමා සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා මෙලෙස Read More

ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වී තිබේ.ලොව රටවල් 112ක තරගකාරියන් මෙවර පැවති 71 වැනි ලෝක රූ රැජිණ තරගය සඳහා සහභාගී විිය. ඉන්දියාව ලෝක රූ රැජිණ තරගයක සත්කාරකත්වය මෙවර දැක්වූයේ වසර 28කට පසුවයි. එහිදී ඉන්දියාව නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ සිනි ෂෙට්ටි අවසන් 8 දෙනා අතරට පැමිණීමට සමත් Read More

විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ජන­වා­රි­යේදී රු. කෝටි 14,880ක ප්‍රේෂණ

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ. පසු­ගිය 2023 වසරේ ජන­වාරි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙව­සරේ ජන­වා­රි­යේදී එය 11.4%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන Read More

අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති

අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින් ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි. ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී ය. විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත Read More

ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසොස්

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි. මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් වෙයි.

අයිෆල් කුලුන යළි විවෘත වෙයි

සේවක වැඩ වර්ජනය හේතුවෙන් වසා දමා තිබූ ප්‍රංශයේ අයිෆල් කුලුන දින හයකට පසුව යළි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබේ. අයිෆල් කුලුන සේවක සංගමය පවසන්නේ මෙහි නඩත්තු කටයුතු නිසි ලෙස පවත්වා නොගැනීම හේතුවෙන් ඔවුන් වැඩ වර්ජනයක නිරත වූ බවයි. කෙසේ වෙතත් 2031 වන විට යූරෝ මිලියන 380ක වියදමක් දරා මෙය නවීකරණය කිරීමට නියමිත බවයි ප්‍රංශ Read More

පකිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්

අද උතුරු පකිස්ථානයේ ඉස්ලාමාබාද් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ඒ රික්ටර් මාපකයේ ඒකක 4.7ක භූ කම්පනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිලෝමීටර් 190ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට

කළමනාකරණය සහ සම්පත් සඳහා වු ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර් වර්මා මහතා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. හෙට ආරම්භ වන ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මහතා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් වල සංචාරය නිම Read More

ලෝකයේ විශාලතම මැතිවරණය අද (14)යි

ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (14) දින පැවැත්වෙන අතර දූපත් 17,000ක් පුරා සිටින මිලියන 200කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පැවැත්වෙන මැතිවරණය මගින් ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත අතර මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 50%කට අධික ප්‍රතිශතයක් වයස Read More

ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්

ගාසාහි රෆා නගරය දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර මරණ ගණනාවක්ද වාර්තා වී ඇති බව පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සොසයිටි (PRCS) පුණ්‍යායතනය පවසයි. ඊශ්‍රායල හමුදාව පවසා තිබෙන්නේ තමන් දකුණු ගාසා තීරයේ ප්‍රහාර එල්ල කළ බවයි. පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ පලස්තීනුවන්ට ආරක්ෂිතව යා හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

t

o

p