Foreign News

සෞදි අරාබියේ තෙල් පර්යන්ත 2කට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර

යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2කට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටී සිව්දෙනෙකු මියයයි

අමෙරිකානු හමුදා ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. නෝර්වේ රාජ්‍යයේ බොඩෝ ප්‍රදේශයට යානය කඩා වැටී ඇති අතර එහිදී යානයේ ගමන් කළ සිව්දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානයට චෝදනා

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා නේටෝ සංවිධානයට චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ. පසුගියදා එරට පාර්ලිමේන්තුව අමතමින් රම්පෝසා ප්‍රකාශ කර ඇත්තේ නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ රටවල් දෙසට ව්‍යාප්ත වීම මගින් සමස්ත යුරෝපයම අස්ථාවරත්වයකට පත් වනු ඇතැයි එම සංවිධානයේහි රාජ්‍ය නායකයන් වසර කිහිපයක සිට සිදු කරන අනතුරු ඇඟවීම්වලට සවන් දුන්නේ නම් යුක්රේන යුද ගැටුම වළක්වා ගැනීමට Read More

රුසියානු හමුදාව කියෙව් අගනුවර වටලයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා‌වේ සන්නද්ධ රථ රැසක් කියෙව් නගරය දෙසට මේ වන විට ගමන් ආරම්භ කර ඇති බවයි. කියෙව් අගනුවරට කිලෝමීටර් 40ක් පමණ දුරින් රුසියානු හමුදාව ස්ථානගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර යුක්‍රේන ජනාධිපති කියා සිටියේ සෙසු යුරෝපා රටවල් අභියෝගාත්මක අවස්ථාවේ තමන් තනිකර ඇති බවයි. රුසියාවේ ආක්‍රමණය නතර කිරීම සදහා Read More

එලිසබෙත් රැජනට කොවිඩ්

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනට කොවිඩ් වයිරසය වැලැදී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ (20) සවස නිවේදනය කළේය. මහරැජණට මද ශීත ගතියක් සහිත රෝග ලක්ෂණ මතුව ඇති බවත් ඉදිරි සතිවලදී වින්ඩ්සර් මාලිගයේ සිට සැහැල්ලු රාජකාරීවල නිරත වනු ඇති බවටත් බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

රුසියානු භටයින් ආපසු හැරෙයි

යුක්‍රේන දේශ සීමාවේ සිටි තම හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් ආපසු කැඳවූ බව රුසියාව ඊයේ පැවසුවා. ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි බිය ලොව පුරා පැතිර ගොස් ඇති පසුබිමකයි. කෙසේවෙතත් කොපමණ හමුදා භට පිරිසක් යළිත් කඳවුරු වෙත කැඳවූවාදැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

රුසියාව යුක්‍රේන දේශසීමා ආශ්‍රිතව ලක්ෂයකට අධික හමුදා භටයින් සංඛ්‍යාවක් යොදවයි

සිය මුහුදු කලාපයට ඇතුළු වීම අවහිර කර ඇතැයි යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා රුසියාවට චෝදනා කරයි. ඔහු පැවසුවේ, ලබන සතියේ පැවැත්වීමට නියමිත රුසියානු නාවික අභ්‍යාසයක් හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව ය. යුක්‍රේනයේ අසොව් මුහුදු තීරය හා කළු මුහුද සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන්ගෙන් පිරීගොස් ඇතැයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඇමෙරිකානු භට පිරිස් පෝලන්තයට සහ රුමේනියාවට

3000ක ගෙන් යුත් ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට පැමිණ ඇත. මෙයට අමතරව 300කින් සමන්විත ඇමෙරිකානු භට පිරිසක් ජර්මනියට පැමිණ තිබේ. එක්සත් ජනපද මේජර් ජෙනරාල් ක‍්‍රිස්ටෝපර් ඩොන්හු පැවසූවේ ඇමෙරිකානු 82 වැනි ගුවන් බලඝනය ද පෝලන්තයට පැමිණ ඇති බවයි.

භාරත සිනමාවේ විශිෂ්ටතම ගී හඬ ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.

මොරොක්කෝවේ නළ ලිං කුහරයක් තුළ සිරවී සිටි දරුවා මියයයි

මොරොක්කෝවේ නළ ළිං කුහරයකට ඇද වැටී එහි සිරවූ පස් හැවිරිදි දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ශෝකාන්තයකින් අවසන් වුණා. ඒ, දරුවා නළ ලිං කුහරය තුළම මියගොස් සිට ඇති බැවින්. ඉකුත් අගහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටුනු අතර ඊයේ පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා. කෙසේවෙතත් Read More

t

o

p