Foreign News

ඉන්දියාවෙන් ඩිජිටල් විශ්වවිද්‍යාලයක්

ඉන්දීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමුවරට ඩිජිටල් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එරට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සියලු පාර්ශ්ව සමඟ සමීප සහයෝගයෙන් මේ විශ්වවිද්‍යාලය පිහිටුවීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ. ඉන්දියාව පුරා පිහිටි සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල එම ඩිජිටල් විශ්වවිද්‍යාලය Read More

ලූලා නැවතත් ජනපති ධුරයට

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු ජනාධිපති ඉනීෂියෝ ලූලා ඩි සිල්වා දිවුරුම් දී තිබේ. ඔහු මෙසේ බ්‍රසීල ජනාධිපති ධුරයේ දිවුරුම්දුන්නේ තෙවැනි වරටය. ලූලා ඩී සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වුණේ බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවර කොන්ග්‍රස ගොඩනැගිල්ලේ දීය. මෙම අවස්ථාවට එක්වීමට ලූලාගේ ආධාරකරුවන් දහස් ගණනක් එක්ව සිටියේය.

රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේගේ අවසන් කටයුතු අද

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ට ම පාපන්දු ක්‍රිඩකයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත පේලේගේ අවසන් කටයුතු අද (3) සිදු කිරීමට නියමිත යි. ඊයේ අවමංගල්‍ය උත්සවය ආරම්භ කෙරුණු අතර දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ මඟ දෙපස රැදී සිටිමින් සිය අවසන් ගෞරවය පළකළා. මේ වන විට පේලේගේ දේහය ඔහු පාපන්දු කි්‍රීඩාවට අත්පොත් තැබූ බ්‍රසීලයේ සැන්ටෝස් ක්‍රිඩා සමාජ ක්‍රීඩාංගනයේ තැම්පත් කර තිබෙනවා.

වඳුරු උණ රටවල් 14ක ව්‍යාප්තවෙයි

අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වෙමින් තිබෙන වඳුරු උණ වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි උනන්දුවකින් යුතුව පසුවන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා වන විට ලොව පුරා මේ වසංගතයට ගොදුරු වූ රෝගීන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවත්, තවත් පුද්ගලයන් 28 දෙනකු ඊට ගොදුරු වී ඇතැයි සැක කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. Read More

ඉන්දියාවෙන් රු. ලක්ෂ 887ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට සහාය දෙමින් රුපියල් ලක්ෂ 887ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට එවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත රජය මඟින් මේ අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පියවර ගෙන තිබෙන අතර මෙරටට එවීමට නියමිතව තිබෙන අදාළ ඖෂධ තොගය තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන ඇමැති එම්. සුබ්‍රමනියම් මහතාගේ නිරීක්ෂණයට Read More

එමිරේට්ස් රජු මිය යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජු 73 හැවිරිදි ශේක් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන් ඊයේ අභාවප්‍රාප්ත විය. එමිරේට්ස් රජු මෙන්ම අබුඩාබි නුවර පාලකයා ද වන ශේක් කලීෆා කලක් රෝගාතූරව සිටියේය. එමිරේට්ස් රජුගේ අභාවය නිමිත්තෙන් එරට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක යුද ආධාර

යුක්‍රේනයට මේ වනවිට ඩොලර් බිලියන 3.8 ක මිලිටරි ආධාර ලබා දී ඇතැයි, අමෙරිකාව පවසයි. යුක්‍රේනයට සිය රට සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එරට හමුදාවට අඛණ්ඩව ආයුද ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසයි.

පාකිස්තානයට සවුදියෙන් සහන පැකේජයක්

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා, ආහාර මිල සහ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පාකිස්තාන ජනතාව වෙනුවෙන් එරට රජයට අමෙරිකා ඩොලර් බිලියන 8ක සහන පැකේජයක් පිරිනැමීමට සවුදි අරාබිය එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. අදාළ සහන පැකේජය කඩිනමින් පිරිනැමීමට සවුදි අරාබිය කටයුතු සූදානම් කරමින් සිටී.

රුසියානු සංචාරයෙන් පසු එ.ජා. මහලේකම් යුක්‍රේනයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ. ඒ, රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුවයි. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

චීනයේ බීජිං හි ස්ථාන රැසක් වැසේ

යළි ඉහළ යමින් පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් චීනයේ බීජිං අගනුවර තවත් ස්ථාන රැසක් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. බීජිං හි සිකුරාදා සිට ව්‍යායාම ශාලා, වෙළෙඳ සැල්, සිනමා ශාලා සහ මහල් නිවාස කිහිපයක් වසා දැමීමට බලධාරීන් උපදෙස් දී ඇත.

t

o

p