Foreign News

තුර්කියේ හදිසි තත්ත්වයක් : මිය ගිය ගණන 5,000 ඉක්මවයි : මුදාගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ සහය

නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ යාමත් සමග තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පා හේතුවෙන් මිය ගිය ගණන 5,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පමණක් 3,419කට වැඩි පිරිසක් මිය ගොස් ඇති Read More

තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි – WHO

සිරියානු දේශසීමාවට ආසන්නව තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඒ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළයමින් පවතින බැවිනි. ඊයේ උදෑසන පළමු භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා වේගයෙන් මරණ සංඛ්‍යාව Read More

තුර්කියේ තවත් භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 1300 ඉක්මවයි

තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය. අද උදෑසන සිරියානු දේශ සීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද බලපෑ භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1300 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් මරණ Read More

චීනයේ බැලූනයකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්

අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ. ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී. අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එරට අරක්ෂක අංශ සඳහන් කළේ, මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ Read More

පාකිස්තානයේ හිටපු ජනපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ. ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

රුසියානු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

යුක්රේනය නිසා ඉතිහාසය යළි ලියැවෙමින් ඇති බවත්, විශ්වාස කළ නොහැකි වුවද සත්‍ය එය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ඔහු සඳහන් කළේ ජර්මනිය යළිත් සිය යුද ටැංකි මගින් රුසියාවට තර්ජනය කරන බවයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේ 80 වන සැමරුමට එක්වෙමින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි. යුක්රේනයට අතිනවීන යුද තාක්ෂණයෙන් යුත් Read More

පෙබරවාරි 24 යුක්‍රේනයේ ඉරණම විසඳීමට රුසියාව සූදානමින්

රුසියාව ප්‍රධාන ප්‍රහාරයකට සූදානම් වන බවට යුක්‍රේනය අනතුරු අගවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පෙබරවාරි 24වනදා වැනි ඉක්මන් දිනකදී මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කරනු ඇති බවයි. ප්‍රහාරයට සූදානම් කර ඇති හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 5ක්. යුක්‍රේනය ප්‍රකාශ කරන පරිදි රුසියාව මෙම දැවැන්ත ප්‍රහාරයට සූදානම් වන්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්‍රේනයට නවීන ආයුධ පවා ලබා දී ඇති Read More

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට

පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, ප්‍රාදේශීය පොලිස් මූලස්ථානය සහ ත්‍රස්ත මර්දන ඒකකයක් අසළ පිහිටි ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි. මෙය Read More

ඉරානයේ හමුදා මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයේ මධ්‍යය ප්‍රදේශයේ ඉස්ෆහාන් නගරයේ පිහිටි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත. ඉරාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ සිය හමුදා මධ්‍යස්ථානයක එක් පිපිරීමක් සිදුව ඇති බවයි. ප්‍රහාරය සඳහා පැමිණි තවත් ඩ්‍රෝන යානා 2ක් සිය ගුවන් ආරක්ෂික පද්ධතිය මඟින් විනාශ කළ බවද ඉරානය ප්‍රකාශ කළා. ප්‍රහාරය පිටුපස සිටින පාර්ශවය කවුරුන්දැයි මෙතෙක් තහවුරු කර නැහැ. ප්‍රහාරය Read More

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ලබන සතියේ දිවයිනට

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උප රාජ්‍ය ලේකම් නුලන්ඩ් මහත්මිය 2023 ජනවාරි 28 සිට පෙබරවාරි 3 වැනිදා දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල සංචාරය කරන බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් Read More

t

o

p