Foreign News

රුසියාවේ අගනගරයට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් Read More

බොරතෙල් ගැන රුසියාවෙන් තීරණයක්

ලෝක වෙළෙඳපොලෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. රුසියාව මාර්තු මාසයේ සිට සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් 200,000 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍යය සදහන් කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වා ද WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස ද දක්වා තිබේ.

ලොව විශාලතම මැතිවරණය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා

ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ ජුනි අතර පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා සති හතකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිතයි.මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2400කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දීය මහ මැතිවරණය සඳහා බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන බවයි ඉන්දීය මාධ්‍ය Read More

අමෙරිකාවේ වෙසක් උත්සවය බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්

2024 වසරේ අමෙරිකාවේ පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සමරන බව වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. පසුගියදා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කරගෙන ඇති බව සඳහන්. මෙම අවස්ථාවට ධවල මන්දිරය, අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සහ වොෂින්ටන් ඩී. සී.හි තානාපති කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් එක්ව ඇති Read More

ගාසාවට නොදැනෙන රාමදාන්

ඊශ්‍රායලයේ ගාසා තීරයේ රෆා තුළ අවතැන් වූ ජනතාවට මුස්ලිම් ශුද්ධ මාසය ආරම්භය සනිටුහන් කිරීම සඳහා සීමිත ආහාර ප්‍රමාණයක් පිළියෙළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාමසාන් යනු සාමාන්‍යයෙන් නිරාහාරව සිටීම මෙන්ම පවුලේ අය සමඟ කාලය ගත කරන උත්සව මාසයක් වන අතරම ගිය වසරේ සිට පවතින යුධමය තත්වය හේතුවෙන් ගාසාවේහි සැමරුම් මෙවර නැති බව සඳහන්. Read More

නව තානාපතිවරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනලදි. ඒ අනුව තායලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මැතිතුමා සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා මෙලෙස Read More

ලෝක රූ රැජිණ කිරුළ චෙක් ජනරජයට

2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වී තිබේ.ලොව රටවල් 112ක තරගකාරියන් මෙවර පැවති 71 වැනි ලෝක රූ රැජිණ තරගය සඳහා සහභාගී විිය. ඉන්දියාව ලෝක රූ රැජිණ තරගයක සත්කාරකත්වය මෙවර දැක්වූයේ වසර 28කට පසුවයි. එහිදී ඉන්දියාව නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ සිනි ෂෙට්ටි අවසන් 8 දෙනා අතරට පැමිණීමට සමත් Read More

විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ජන­වා­රි­යේදී රු. කෝටි 14,880ක ප්‍රේෂණ

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ. පසු­ගිය 2023 වසරේ ජන­වාරි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙව­සරේ ජන­වා­රි­යේදී එය 11.4%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන Read More

අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති

අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින් ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි. ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේ දී ය. විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත Read More

ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසොස්

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි. මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් වෙයි.

t

o

p