Columns

බැදුම්කර වංචාව හා ඉදිරි පියවර

පසුගිය මාස ගණනාව තුලම පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් වැඩි වශයෙන්ම කතා බහට ලක්වූ ප්‍රධානම විෂය බවට පත් වූයේ බැදුම්කර වංචාවයි. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවද අවසන් වශයෙන් කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාව සමඟ මෙම ගණුදෙනුවල යම් වැරැද්දක් හා වංචාවක් තිබෙන බව ප්‍රකාශ විය. ඊට පෙර මෙම ගණුදෙනුවට සම්බන්ධ තැරැව්කාර සමාගම ලබා ඇති අධික ලාභය Read More

කොළඹ මාර්ග තදබදයට විසදුම් සෙවිම

මෑත කාලයේ කොළඹනගරය තුළ විශාල වාහන තදබදයක් ඇති වුන බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ මාර්ගයේ ධාවනයට එක්වන වාහන ප්‍රසාරණයට අනුව මාර්ග පුළුල් නොවිම හා පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති දුර්වලතාවයයි.

ආසියාවේ බිහි වූ විශිෂ්ටතම නායකයා

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ 110 වන ජන්ම දින සැමරුම පසුගිය 17 වනදාට යෙදි තිබුණි. මෑත කාලීන දේශපාලනයේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලෝක දේශපාලනයේ ද නමක් දිනා ගත් ජනතා නායකයෙකි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතා බහ නැවත වතාවක් ආරම්භ වී ඇති බව පෙනේ. දිගු කලක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට විවිධ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් වූ අතර ප්‍රායෝගික ගැටලූ මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.

වෙබ් අඩවි හැක් කිරිම හා සයිබර් ප්‍රහාර එල්ල කිරිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්විම සම්බන්ධයෙන් කතා බහ පසුගිය සතියේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එයට සැක කරමින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බව වැඩිදුරටත් වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් උදහස් මාධ්‍යයේ පළ වී තිබු අතරම මෙම සිද්ධිය පිළිබඳව ෆේස් බුක් (Face book) හරහා Read More

ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා Read More

අතුරුදහන් කාර්යාලයට වින කටින්නෝ

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව නැවත වතාවක් උණුසුම් විය.  සන්ධානයේ කචල්කාර කල්ලිය නැවතත සභා ගැබ මැදට හෙවත් “වලට” පැමිණ විරෝධතා දැක්වීය. ඒ විවාද කිරීමට නියමිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනතට එරෙහිවය. ප්‍රකට සෝවියට් ලේඛක නිකොලායි ඔස්ත්‍රොව්ස්කි වරෙක ලියූ පරිදි මිනිසකුගේ අති උතුම් වස්තුව ජීවිතයයි.  එය ඔහුට ලැබෙන්නේ එක් වරක් පමණි.  ගේ දොර, ඉඩ කඩම්, යාන Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හවුල්කාර සමාගමකට පැවරිම

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගින් දිගටම ලබ මූල්‍යමය අලාභයන් අධික ණය බරක් හේතුවෙන් පෞද්ගලික ආයතනයක් සමඟ හවුල්කාර ව්‍යාපාරයකට යාම අපේක්ෂා කරන බව වාර්තා වී තිබේ. මේ අනුව මෙම වර්ෂයේ අවසන් භාගය වන විට අපගේ ජාතික ගුවන් සේවය මෙහෙය වනු ලබන්නේ හවුල්කාර ගුවන් සමාගමකි. එය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවුනද චන්ද්‍රිකා Read More

වැට් බදු සංශෝධනය හා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පසුගිය සතියේ වැඩි කතා බහට ලක් වූයේ වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයයි. මේ නිසා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට තිබූ වැට් බදු සංශෝධන පනත හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

ග්‍රහ මාරුව ඔබට කොහොමද?

වසර බිලියන 15 කට පෙර විශ්වය “ බිහිවූ” බව දැන් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ “බිහිවීම” පිළිබඳ දැනට වැඩිපුරම පිළිගත් මතය වී ඇත්තේ මහා පිපුරුම් න්‍යායයි . (‍Big Bang Theory) ඊට අමතරව මහා පොලාපැනුම් න්‍යායක් ( Big Bounce Theory) පිළිබඳවද සාකච්ඡා කෙරේ. විශ්වයේ බිහිවීම පිළිබඳ අප ඉහතින් සදහන් කලද සැබවින්ම විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. බිහිවීම Read More

t

o

p