Special News

ආසියානු කුසලානයේ ඉන්දු – ශ්‍රී ලංකා සටන අද

සුපිරි සිව්දෙනාගේ වටයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (12) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන තරගය අද සවස 3.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ රැඳී සිටින්නේ, පකිස්ථානයට එරෙහිව ලැබු විශිෂ්ට ජය හේතුවෙනුයි. සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව Read More

කෝටි එකොළහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි අත් අඩංගුවට

රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(11) දින පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී Read More

විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුර්වලයි

රාජ්‍ය ආයතන විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දුර්වල මට්ටමක පවතින බව විගණකාධිපති W. P. C. වික්‍රමරත්න මහතා පවසයි. 2019 සහ 2020 වර්ෂයන්හි සතුටුදායක කාර්යය සාදනයක් ලඟා කර ගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකරන ලදි. එමෙන්ම රාජ්‍ය ආයතන විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින තත්ත්වයක් දක්වා තවදුරටත් නීති ශක්තිමත් Read More

ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 900ක්

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසයේ දී අද (11) වන විට ඩෙංගු රෝගීන් 960 ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා රෝගීන් 62,838 ක් වාර්තා වී ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ Read More

සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාලය300 ක තොරතුරු විනාශ වෙයි

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයන් කිහිපයක් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළේ, පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළ Read More

ජාතික විෂ නිවාරණ සතිය අදින්(11) ආරම්භ වෙයි.

මෙවර එහි තේමාව වන්නේ, “අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු යන්නයි” එම සතිය සංවිධානය කරන්නේ, කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් ය. ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුල විෂ වීම් නිසා රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන බවත් පෙන්නුම් කරයි. මේ අතරින් නොදැනුවත්ව විෂ ශරීර ගත වන අවස්ථා රාශියක් තිබෙන Read More

නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

නැගෙනහිර මුහුදු තීරයේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුඩ් ඒකක 4.65 ක් ලෙසයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජනක අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, මඩකළපුවේ සිට කිලෝමීටර 310 ක් ඈතින් පිහිටි මුහුදේ භූ කම්පනය සිදුව ඇති බවයි. ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ සුනාමි අවදානමක් නැතැයි ජනක Read More

ලංගමේ පැමිණිලිවලට අංකයක්

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හඳුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර, එරන්ද දිල්හාන් සඳහන් කළේ 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි. මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

මන්දපෝෂණය තුරන් කරලීමට කොළඹට කිරි

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සූදානම් වෙයි. මෙම වැඩ පිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට(10) නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. උදෑසන සහ හවස් කාලය තුළ මෙම කිරි නිවසටම සැපයෙනු ඇති.

අලුත් පරිසර උද්‍යාන – සංචාරකයන්ට රක්‍ෂිතවලට යන්න අවසර

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සිය ආදායම් වැඩි කර ගැනීමට අලුතින් පාරිසරික උද්‍යාන ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල, ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම් කර නැති සිංහරාජ වනාන්තරය, කන්නෙළිය රක්ෂිතය, උඩවත්ත කැලේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිත ද පාරිසරික උද්‍යාන ලෙස Read More

t

o

p