Special News

ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. උක්ත වාර්තාවට Read More

වන වගා වල දැව නිස්සාරණය කිරීම කාර්යක්ෂම කිරීමට නව ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාව තුළ දැව බවට පත් කිරීම සඳහා සුදුසු පයිනස් වන වගාවන් පවතින බැවින් තදුරටත් දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩුකර ගැනීමට පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් ඉදිරිපත්කළ ආනයනික පයිනස් Read More

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ දින පවත්වනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් Read More

දුම්රිය උපනියාමක වැඩ වර්ජනය අවසන්

දුම්රිය උපනියාමකවරුන් සිය වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඒ අද පෙරවරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (04) දිනයේ ත් දුම්රිය රැසක් අවලංගු කෙරුණි. මේ අතර අද පෙරවරුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී තිබුණේ අද (05) දහවල් 12.00 ට පෙර සියලු උපදුම්රිය නියාමකවරුන් වහාම නියමිත සේවා ස්ථානවලට Read More

ඉන්දියාවේ සිකිම් නුවර ගංවතුරට යට වෙයි

ඉන්දියාවේ නැඟෙනහිර දෙසින් පිහිටි සිකිම් පළාතට ඇද හැළුනු අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසු වූ එරට යුද හමුදාවේ සෙබළුන් 23 දෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. චීන දේශසීමාව ආසන්නයේ පිහිටි එම පළාතේ ගංවතුර තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවත්, පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන් වූ හමුදා සෙබළුන් සෙවීමට Read More

ප්‍රමුඛතාව මත මාර්ග නඩත්තු කටයුතු ආරම්භ කිරීමට සූදානම්

අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති මෙන්ම මහා මාර්ග නඩත්තු කටයුතු ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ප්‍රමුඛතාව මත නැවත කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අදාළ ආසනවල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්ද සලකා බලමින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග ප්‍රමුඛතාව ලබා දීය යුතු මාර්ග පිළිබද නැවත සමාලෝචනයක යෙදීම සදහා සියලු අදාළ පාර්ශ්ව Read More

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ කමිටුවක්

මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරිණි. රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ Read More

ධනුෂ්ක ලංකාව පැමිණ මාධ්‍යට කියූ කතාව

ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියහ. ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා Read More

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමට වැඩමුළුවක්

විවෘත පාර්ලිමේන්තුවකට මුලාරම්භයක් සඳහාවූ පාර්ලිමේන්තු සංසදය හා සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ විවෘත පාර්ලිමේන්තු වැඩමුළුවක් දින 03ක් පුරාවට කෑගල්ලේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය, පාර්ලිමේන්තුවේ භූමිකාව, කාර්ය භාර්ය හා මහජන නියෝජිතයන්ගේ කාර්ය භාරය පිළිබඳ විවෘත පාර්ලිමේන්තු සංකල්පය ඔස්සේ විවිධ ජන කොටස් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් Read More

තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් වෝහාරික විගණනයක් අවශ්‍යයි

ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්‍ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ Read More

t

o

p