Special News

වැවිලි සමාගමක දූෂණ අක්‍රමිකතා රැසක් හෙලිවෙයි

රුපියල් 400 වටිනා ගම්මිරිස් කිලෝ දෙකක සොරකම වෙනුවෙන් වියදම් කළ නඩු වියදම රුපියල් ලක්ෂ 274 ක් බව මෙහිදී අනාවරණය වීම සිදු විය. පැමිණ සිටි කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් මේ පිළිබඳ විමසූ අතර ඇල්කඩුව වැවිලි සමාගම නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙය සත්‍යක් බව පිළිගන්නා ලදි. නමුත් නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම නඩුව පැවරීම සිදු වී ඇත්තේ 2014 Read More

ආපදා අවදානම් අවම කිරීම (DDRR) සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම

ආපදා අවදානම් අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්න්තර දිනය ලෙස නම් කර ඇත.  සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන තේමාව යටතේ ලොව පුරා සෑම රටක් ම මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු Read More

හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් ඊයේ (13) කොළඹ සිටි සෙන්ටර්හි දි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව Read More

නායයාමේ රතු නිවේදනයක් නිකුත් කරයි

බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම නිවේදන අද (14) පස්වරු 04 සිට හෙට (15) පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ Read More

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

මෙවර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වේ. විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ හය දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 2888 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාලගුණයේ බලපෑම නිසා හෝ හදිසි තත්ත්වයකදි විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට Read More

ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන සටන අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමා වුණේ විසඳුමකින් තොරවයි. අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000කි. Read More

“චැනල් 4” චෝදනා විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 17 වැනිදා පාර්ලිමේන්තුවට

17 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 ට පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩ බලන මහලේකම්වරයා පැවසීය. ඉන්පසු බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප Read More

ඊශ්‍රායලයේ ලාංකිකයන්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කරන ලෙසයි. ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින Read More

ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කරන තුරු ගාසා තීරයේ සැපයුම් නවතී

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වේ. පසුගිය ඉරිදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයින් ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධයෙන් බෙදුනු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි. පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සියලුම දෙනාව නිදහස් කරන තුරු ගාසා තීරය වෙත සැපයුම් ලබා නොදෙන බව ඊශ්‍රායලය Read More

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබේ. නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

t

o

p