Special News

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය. මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු Read More

තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳව කෝප් කමිටුවේ කනස්සල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි. මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩී. මෙල් යන මහත්වරුන් නිලධාරීන් පිරිසක් මෙම Read More

එ.ජ. නියෝජිතායතනයෙන් (USAID) ඇ.ඩොලර් මිලියන 19.23ක මුදලක්

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එ.ජ. නියෝජිතායතනය (USAID) සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් සංවර්ධන අභිප්‍රාය ප්‍රදාන ගිවිසුමක් හරහා මෙම ඇ.ඩොලර් මිලියන 19.23ක (රු. බිලියන 6.2) මුදල ලබාදීමට එකඟ වී තිබේ. මෙම සංවර්ධන ආධාර මුදල රටේ ආර්ථික වර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාකාරකම් සඳහා උපකාර කරනු ඇත. එමගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව සමගින් ඇති හවුල්කාරීත්වයට සහ ජනතාව Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් දසුන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20) යළි ආපසු හැරවෙමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ. ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත. ලෝක කුසලාන සඳහා නම්ව ඇති අදාළ සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර Read More

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කරයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන Read More

රටේ තත්ත්වයට මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් වගකිව යුතුයි – වජිර අබේවර්ධන

මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ Read More

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කථානායකවරුන් අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කථානායක ආචාර්ය ශිරින් ෂර්මින් චෞද්රි (Shirin Sharmin Chaudhury) මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවී තිබේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් ද එක්විය. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැවති ආර්ථික අර්බුදයෙන් මිදීමට Read More

උසස් පෙළ විභාගය කල් දැමීමට යෝජනාවක්

මෙවර උසස් පෙළ විභාගය කල්දමන්නේද නැද්ද යන්න පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා ළඟදීම තොරතුරු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.  උසස් පෙළ විභාග ලබන වසරේ ජනවාරි මාසයට කල් දැමීමට යෝජනා කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් කරන ලද යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකරනලදි.  උසස් පෙළ විභාගය Read More

මෙටා සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය. අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය. Read More

ජනපති සහ සමන්තා පවර් මහත්මිය අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර් මහත්මිය වෙත සිය ස්තූතිය Read More

t

o

p