Special News

ජපාන නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටෙයි

ජපාන නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබේ. පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ජපාන නාවික හමුදා ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්. Read More

අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්

අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩපිළිවෙල අද (21) ආරම්භ කෙරුණා. දිවයිනේ සෑම ප්‍රදේශයකදීම සහල් බෙදාදීමටයි කටයුතු කෙරුණේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදාදීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල නගරයේ පවුල් දසදහසකට සහල් බෙදාදීම මෙහිදි සිදුවිය.

 ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ හිඟයක්

මෙරට රෝහල් පද්ධතිය තුළ ඖෂධ සං‍යෝජක නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ හිගයක් පවතින බව, රජයේ ඖෂධ සං‍යෝජක නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති උදේනි දසනායක මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රෝහල් පද්ධතිය මේ වන විට ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ, වසර 05 කට වැඩි කාලයක Read More

අදත් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමක

උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (21) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. හැකිතාක් ජලය පානය කළයුතු අතර, සෙවන සහිත ස්ථානවල සිටිය යුතු වනවා. වැඩිහිටි Read More

විදේශීය රටක සිට නීති විරෝධී ලෙස ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්ත මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන Read More

යළි දකිමු දීඝවාපි අරමුදලට තායිවානයෙන් පරිත්‍යාගයක්

තායිවාන ජාතික LU,SU-FENG මහත්මිය ඊයේ ( 19) දින ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් එතුමිය මෙම මුදල පරිත්‍යාග කරන ලදි. එම මැතිනිය එවා ඇති ඊමේල් Read More

ඉස්සෝ වගාකරුවන්ට ගැටලු රැසක්

ඉස්සෝ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසයි. මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බවයි ඔවුන් සඳහන් කරයි. දැනට ඔවුන් සතුව ඉස්සන් කොටු 27,000 කට අසන්න ප්‍රමාණයක් පවතින අතර ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව 60,000 කට ආසන්නයි. රජය විසින් මොනඩෝන නම් ඉස්සාගෙන් මෙරටදී Read More

නිල් ධජ සහතික වෙරළ ව්‍යාපෘතියට ලංකාවේ වෙරළ තීරයන් 28ක්

ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සදහා සියලු ආයතන එක්වී නියමිත කාල රාමුවක් තුළ කටයුතු කරන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා දැනුම් දුන්නේය. රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ එකඟත්වයක් Read More

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම්

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි.

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක්

අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඊයේ (19) පැව­සීය‍. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර ගැනීම හේතු­වෙන් මෙලෙස පාච­නය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇතැ­යිද ඒ මහතා කීවේය. වම­නය, බඩ­එ­ළිය යෑම පාච­නයේ Read More

t

o

p