Special News

ජනපති පදවිප්‍රාප්තියට වසරයි

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාර ගෙන මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් Read More

පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ ප්‍රබල භුකම්පනයක්

එල්සැල්වදෝරයේ පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ ප්‍රබල භුකම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙස සටහන් වී තිබේ.මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන කරයි. එමෙන්ම එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව බවද වාර්තා වේ.

පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 279ක් ලබා ගැනීමට සමත් විය.ධනංජය ද සිල්වා 82, නිෂාන් මධුෂ්ක 52යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312ක ලබා ගත්තේය. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු Read More

සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු වලින් මෙරට ස්වයංපෝෂිත වෙයි

මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. 2023 වසර තුළ සහල් Read More

ළමා රෝහලේ අද වර්ජනයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද පැය 24 වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දැනුම්දෙයි.  ඒ එම රෝහලේ අට බී (8B) වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයකට විරෝධය දක්වමින් අද පෙරවරු 08 ට ආරම්භ කර ඇත.  අද දිනයේදී රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු බිඳවැටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා Read More

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව කියයි

තිරිඟු පිටි මිල සංශෝධනය කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් නිවේදනය කරයි. බේකරි නිෂ්පාදනවල මිල අඩුවීමක් සලකා බැලීමට, පිටි මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවයි එම Read More

පාකිස්තානය ලකුණු 149ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය අදයි. පලමු ඉනිම සදහා ශ්‍රී ලංකාව කණ්ඩායම ලකුණු 312ක් රැස් කරන ලදි.පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 461ක් ලබා ගන්නා ලදි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රි ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාව දෙවන ඉනිම සදහා 3වන දින Read More

මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක්

ලොව ප්‍රථම වතාවට මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැලිෆෝනියාවේ Biotech සමාගමක් වන Conception විසින් කටයුතු කර තිබේ. මිනිස් ශරීරයේ ඕනෑම සෛලයකින් මිනිස් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළ සෑදිය හැකි බව ඔවුන් පවසයි. මේ හරහා වඳභාවයෙන් පෙළෙන පුද්ගලයින්ට වගේම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පවුල් වලට පළමු වරට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් ලබාගත හැකි බවයි.

ආගමික ස්ථානවලට හිමි වත්කම් ගැන තොරතුරු ගන්න තීරණයක්

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි. මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ Read More

සා.පෙළ ප්‍රතිඵල එනතෙක් පාසලේ මාස 3ක වෘත්තීය පාඨමාලා

සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක කාලය තුළදී දරුවන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. උසස් පෙළ හැදෑරීමක් සිදු නොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරක්ෂිතතාවක් ලබා ගත හැකි බව ද ඇමැතිවරයා පැවසුවේය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ Read More

t

o

p