Special News

සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද(15) අරඹයි

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි. සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ Read More

රජනි ඛාන්ත් ශ්‍රී ලංකාවට

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත. එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

දුෂ්කරතා විඳ දරා ගැනීමට හපන් එළු රාශි හිමියෝ

එළුවාගේ රාශිය චීන ඡ්‍යොතිෂ්‍යයේ අටවැනි රාශියයි. මෙතෙක් අපට හමු වූ සතුන්ගේ රාශිවල මෙන්ම එළුවාගේ රාශිය හිමි පුද්ගලයන්ගේ ද සාමාන්‍ය ගති ලක්ෂණ කවරේදැයි පළමුවෙන් ම විමසා බලමු. එළුවාගේ රාශියට අයත් වන්නේ 1943,1 955, 1967, 1979, 1991, 2003, 2015 එළුවාගේ රාශියේ පුද්ගලයන්ට ඕනෑම දුෂ්කරතාවක් විඳ දරාගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී. මෙය ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. ඔවුන් සතුව Read More

2023 ලෝක කුසලාන කාලසටහන යාවත්කාලීන වෙයි

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව එම තරගාවලියේ කාලසටහන යාවත්කාලීන කර තිබෙනවා.  ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක කුසලාන සටන ආරම්භ කිරීමට නියමිතයි.  ඒ අනුව එම කාලසටහන පහතින්,

පැය 14ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බවයි. ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

වාඩිගල ග්‍රාමය තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කෙරේ

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් වාඩිගල ග්‍රාමය තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් ගම්මාන හතක් සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන මගින් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ, තාක්ෂණික දැනුම, Read More

”Glocal Fair 2023” සමගාමීව යාපනය දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීමේ වැඩසටහන්

දේශීය විදේශීය රැකියා අවස්ථා සමගින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සියලුම සේවාවන් යාපනයට රැගෙන යන ”Glocal Fair 2023” ට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් යාපනය දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. ගෙයින් ගෙට ගොස් නීති විරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබද ජනතාව දැනුවත් කිරීමට Read More

ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ය. 2023 වසරේ මේ වනවිට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් බෙදා හැර ඇත. මේ වනවිට ත්‍රිපෝෂ දෙනු ලබන්නේ, ගර්භණී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට Read More

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

2024 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ලබන අගෝස්තු මස 18 වනදා දක්වා අදාළ අයදුම්පත්‍ර භාර ගන්නා බවයි එහි දැක්වෙයි. අයදුම්පත්‍රයේ විමසා ඇති කරුණුවලට අදාළව සියලු සුදුසුකම් පසුගිය ජුනි 30 වනදාට වලංගු වන ආකාරයෙන් සපුරා තිබිය යුතු වෙයි.

යුක්‍රේන ජනාධිපතිගෙන් නේටෝ සංවිධානයට චෝදනා

නේටෝ සංවිධානය නිවේදනය කරන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි. යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි. නේටෝ සංවිධානය පවසන්නේ නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්‌ගේ එකඟතාව හා කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම Read More

t

o

p