Special News

26 වෙනිදා ජනපති විශේෂ වැඩකට සැරසෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) වෙනිදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. මෙම සර්වපාක්ෂික සමුළුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. අදාළ සර්වපාක්ෂික සමුළුව එළඹෙන (26) වනදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී Read More

අද (25) උදෑසන දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

අද (25) උදෑසන ධවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක් ගමන් වාරය බැඟින් අවලංගු වී ඇති බවයි වාර්තා වෙයි. දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ (24) Read More

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.  දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.  සංගමයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තම සංගමයේ ඉල්ලීම් සමඟ එකඟතාවයකට පැමිණි බවයි.  වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය ඇතුළුව දුම්රිය සේවා 26ක් අවලංගු කරන ලදි. 

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක් – ජනපති

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමක්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් Read More

LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඊයේ (23) සිට ආරම්භකර තිබේ. ඒ, අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත්කරන ලදි. එම නිවේදනයෙන් දක්වා ඇත්තේ www.srilankacricket.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි.

2030 වනවිට එළවළු බීජ ආනයනය නතර කිරීමට වැඩපිළිවෙළක්

2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය, 100%කින් නතර කිරීම සඳහා සහ මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ . මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ Read More

සයිනොපෙක් පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුලදී දිවයිනට

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය. සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ Read More

අද රාත්‍රියේ සහ හෙට ධාවනයට නියමිත දුම්රිය 16ක් අවලංගුයි

අද (23) රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය 08 ක් සහ හෙට (24) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 08ක් අවලංගුයි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ධාවනාගාර සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ය

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

ආනයනය කරනු ලබන බිත්තර සතොස හරහා රුපියල් 35.00ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි. ඒ, අනුව ආනයනික බිත්තර ඉදිරි සතිය තුළ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ යටතේ දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයට චීනය සූදානම් වෙයි

කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල මහා පරිමාණ ආයෝජන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අවධාරණය කරයි. ඒ, ඔහු ඇතුළු චීනයේ ඉහළ පෙළේ නියෝජිතය පිරිසක් ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීයි. යුවාන් ජියාජුන් යනු චීනයේ චෝන්ග්කින්ග් (Chongqing CPC) නාගරික කමිටු ලේකම් වරයා මෙන්ම චීන Read More

t

o

p