Special News

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ප්‍රවාහන අමාත්‍ය බන්දුල Read More

මට සිදු කළ හැක්කේ යෝජනා ගෙන ඒම පමණයි. ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි – ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව Read More

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. බිම්ස්ටෙක් සංවිධානය යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව Read More

මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක දඩයක්

ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ෆේස්බුක් හිමි මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක දඩයක් ගෙවන ලෙස නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් පරිශීලක දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව රැස් කිරීම සම්බන්ධයෙන් මෙම දඩය නියම කර ඇති බව ය. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් මෙම දඩය නියම කරනු ලැබ ඇත.

උතුරු කොරියාව විසින් කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇත. දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාවේ පියොන්ග්යෑන්ග් නගරයෙන් මෙම කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙක දියත්කර ඇති බවයි. උතුරු කොරියාව පසුගිය සතියේ සිට මේ දක්වා මිසයිල අත්හදා බැලූ තෙවන අවස්ථාව මෙයයි. කොරියානු අර්ධද්වීපයේ දී අදාල මිසයිල කිලෝමීටර් 400ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු නැගෙනහිර මුහුදට පතිත වී තිබේ.

ආනයනික බිත්තර ලබාගත හැකි ස්ථාන

ආනයනික ඉන්දීය බිත්තර කොළඹ, ගම්පහ සහ කළුතර සතොස වෙළෙඳසැල් වලින් මිලදී ගත හැකි බව වාර්තාවෙයි. මෙහි සාර්ථකත්වය මත දිවයින පුරා අනෙකුත් සතොස වෙළෙඳසැල් හරහා බිත්තර මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමට නියමිතයි. මෙම බිත්තර සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35.00ක මුදලකට ලබා ගත හැකියි. මීට අමතරව සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික ඉන්දීය බිත්තර රුපියල් 40.00ක මුදලකට අළෙවි කරන Read More

සර්ව පාක්ෂික සමුළුව අද පස්වරුවේ

ජාතික සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද (26) පැවැත්වේ. පස්වරු 5.00 ට එය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික හමුවට සහභාගි වීමට තීරණය කර තිබේ. සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2023 ‍ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ. පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs. Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි. Read More

කොළඹ මාර්ගයක බස් ධාවනය නවතී

මට්ටක්කුලියෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ සේවා දෙකක් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත. බස්රථ සේවා දෙකක් වන 260 සහ 155 ඒකාබද්ධ කිරීමට එරෙහිව වර්ජනය කරමින් බස් රථ ධාවනය නතර කල බවත් ඒ සදහා විසදුමක් ලැබෙන තුරු ධාවනය නොකරන බවද බස් රථ Read More

ට්විටර් සංකේතය වෙනස් වෙයි

ලෝ පතළ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කෙරේ. ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරය. ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියා X ලෙස වෙනස් කර තිබේ. ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී ඇත.

t

o

p