Special News

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක්

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත . දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන Read More

කන්කසන්තුරේට යන අලුත්ම දුම්රිය ‘යාල්නිලා’

ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක්කර තිබේ. දුම්රිය නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පැවසුවේ ‘යාල්නිලා’ නැමැති මෙම දුම්රිය සෑම සිකුරාද දිනකම රාත්‍රී 10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය කෙරෙන බවයි. එසේම සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වනු ඇති. එක් ගමන්වාරයක් සඳහා දෙවන Read More

මන්ත්‍රීවරියන්ගේ නවසීලන්ත චාරිකාව සඳහා රජයේ මුදල් භාවිතා නොකළ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය පවසයි

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන Read More

නව ගුවන් සමාගමක් කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම්

එයාර් අරාබියා අබුඩාබි ගුවන් සමාගමට එක්සත් අරාබි එමීර් හි අබුඩාබි සිට ශ්‍රී ලංකාව නිශ්චිත ගුවන් ගමන් ( Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Ar Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු සිදු කරයි. මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගින් හට ගුවන් Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානයක්

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟා සිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ජනාධිපති කාර්යාලයේ Read More

ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සදහා සිය දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී. නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර හමුවක් පසුගියදා ඕක්ලන්ඩ් හිදී පැවැත්වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකෙරිණි. මෙහිදී Read More

කොටස් වෙළෙඳපොලෙහි වර්ධනයක්

ඊයේ (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.51කින් ඉහළ ගොස් ඒකක 11,577.34ක් ලෙස සටහන් වී ඇති බව සදහන්. ඒ අනුව මෙහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6කි.

ජලාශ රැසක ජල මට්ටම පහතට

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවීමේ අවදානමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් ඌව පළාතේ වැව් හා වාරි මාර්ගවලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගගේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් ඇත. මේ වනවිට යල කන්නයේ ගොවිතැන්වලට ද නියඟය දැඩි ලෙස Read More

රටේ ජනතාවට රජයෙන් සහනාධාර හිමිවන්නේ මෙහෙමයි !

රටේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙන බවත් දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් Read More

මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක්

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය Read More

t

o

p