Special News

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ ජාතික මැතිවරණයකට වේදිකාව සකසමින්,පාකිස්තාන අගමැති ෂෙබාස් ශරීෆ්ගේ උපදෙස් අනුව එරට ජනාධිපති අරිෆ් අල්වි විසින් බදාදා(09) රාත්‍රියේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එලෙස පාර්ලිමේන්තු විසුරුවා හැර ඇත්තේ, අගෝස්තු 12 දිනෙන් අවසන් වන පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධූර කාලයට දින තුනක කාලයක් ඉතිරිව තිබිය දීය. ඒ අනුව දින 90ක් තුළ මැතිවරණය පැවැත්විය යුතුය. Read More

පිරමීඩ ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත. මහජනතාව එවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම පිරමීඩ යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවාවක්

සති අන්තයේ දී කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තිරණය කර තීබේ. ඒ අනුව අගෝස්තු 12 වැනිදා සහ අගෝස්තු 13 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් DMT කාර්යාලය සහ Read More

රට පුරා හොර දොස්තරවරු 40,000ක්

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් ජනතාවට ඖෂධ ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඔවුන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගෙන නොමැති බවයි. ඒ හරහා ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත් ලක් වන බව ඔහු සඳහන් කළේ ය.

වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට වැසි

මාස ගණනක් පැවති වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට අද අධික වර්ෂාවක් පතිත වී තිබේ. එම වැසි සමග මිනිත්තු 2 ක පමණ කාලයක් ස්ථාන කිහිපයකට අයිස් වැස්සක්ද වැටී ඇත. මේ අතර බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, ලක්ෂපාන, කිතුල්ගල ඇතුළු ප්‍රද්ශ ගණනාවකටද අද තද වැසි ඇඳහැලී තිබේ.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි. රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල එම දිස්ත්‍රික්කවේ. පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947 කි. මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති Read More

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබද සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය. කංකසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කංකසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට වරාය අධිකාරිය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනලදි. Read More

ජලය හැකි තරම් පානය කරන්න වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්

දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු පවසයි. දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවත් වෛද්‍යවරු පවසයි. වෛද්‍යවරු පවසන්නේ මේ දිනවල දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම යෝග්‍ය බවයි.

යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකියි – ජනාධිපති

යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍‍ගොඩනැගීමට නම් 21 වන සියවස‍ට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව Read More

t

o

p