Special News

නව උපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන අතර පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන Read More

සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවීමේ තීරණයක්

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ අනුව සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර Read More

ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය ආයතන 2 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස පවරාගෙන ඇත්තේ, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි. සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවතියේ ය. ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස Read More

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 348කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රු. 375කි.සුපිරි ඩීසල් ලීටරයක් රු :12 කින් ඉහළට දමා ඇති. රුපියල් 358 ලෙස එහි නව Read More

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. භික්ෂූන් වහන්සේ වස් වැසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයකි. තුසිත දෙව්ලොව දෙව් සැප විඳිමින් සිටි බෝසතුන්ට බුදු වී ලෝවැඩ සලසන්නැයි දෙවියන් කළ ආරාධනය පිළිගෙන සුදොවුන් රජ මෙහෙසිය වූ මහමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක Read More

ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී. ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්‍ෂක ස්ටිකර් හඳුන්වා දී ඇතත් තවමත් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් වෙළෙඳ පොළේ භාවිත වන බවත් මෙහිදී Read More

ගාලුමුවදොර වෙළෙඳුන් නියාමනයට පියවර

ගාලුමුවදොර ආහාර වෙළෙඳුන් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.  එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සඳහන් කළේ, ආහාර අපිරිසිදු බවට නිරන්තරයෙන් ජනතා පැමිණිලි ලැබෙන බවයි.  ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලුමුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඒ මහතා සඳහන් කරයි.  එමෙන්ම ඒ ආශ්‍රිතව කළ Read More

ව්‍යාපාර පහසු කිරීමට නව නීතියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම යටතේ ආයෝජන සඳහා හිතකර පසුබිමක් රටේ නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සදහන් කරයි. රටේ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමින් රට තුළ ව්‍යාපාර පහසු කිරීමේ නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් එසේ නොමැතිව ඉලක්කගත වැඩපිළිවෙළට යාමට Read More

පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 39ක් මරුට

වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇත. තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට අධික වන බව විදෙස් මාධය පෙන්වා දෙයි. ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත. ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි,වාර්තා වේ.

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි. විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50 ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

t

o

p