Special News

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවට ඉන්දීය මහකොමසාරිස් පවසයි

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මහකොමසාරිස්වරයා මේබව පැවසීය. ශ්‍රී ලංකා Read More

ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු  මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය. එසේ අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ Read More

මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව අනාවරණයක්

මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ඉංජිනේරු) නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී Read More

ලොව වේගවත්ම ක්‍රීඩිකාව අමෙරිකාවෙන්

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්විණ. එහිදී ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් නව ලෝක ශූරිය බවට පත් වන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකි විය. ඒ ජැමෙයිකාවේ ශෙලී ඈන්, ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජයට පත් කරමින් ය. ඒ තත්පර 10යි දශම 65කින් තරගය නිමා කරමින් නව ලෝක Read More

චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට පා තබයි

චන්ද්‍රයාන් 3 යානය සඳ මතට සාර්ථකව ගොඩ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දීය වෙලාවෙන් ඊයේ(24) සවස 06.04ට සඳ මතට ගොඩ බැස තිබෙනවා. සඳේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවට අවස්ථාව උදා වී ඇත. චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට Read More

විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට වෘත්තීය පුහුණුවක්

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සදහා ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය. මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා Read More

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් වර්ජනය නතර කරයි

දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී දුම්රිය කිහිපයක ධාවනය ප්‍රමාද වී තිබූ අතර එහිදී මගීන් නොසන්සුන්වී තිබුණි. කෙසේවෙතත් පසුව වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය විදුලි කාර්මිකයින් පියවර ගෙන තිබූ අතර රාත්‍රී දුම්රිය ධාවනය ද ප්‍රමාදයක් සහිතව සිදුකෙරුණි.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ජාතික උපදේශක කමිටුවක්

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබේ. එම උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ Read More

මහනුවර දළදා පෙරහැරේ අලි කුලප්පුවට හේතුව

ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ පැවති දෙවන කුඹල් පෙරහැර අතරතුර ඇතුන් කිහිප දෙනෙකු නොසන්සුන් වීමෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තේය. අදහස් දැක්වූ හස්ති පාලක අශෝක චන්ද්‍රසිරි මහතා, “දළදා පෙරහරේ කතරගම දේවාල පෙරහැරේ කරඬුව වැඩම කරන හස්තියා සමඟ වම් පසින් දෑලේ ගමන් ගත් අලියා පත්තිරුප්පුව ඉදිරිපිටට එනතෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැග දළදා වීදියට ප්‍රවිෂ්ඨ වෙද්දී Read More

දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පහත නිවේදනයේ දක්වා තිබෙන ප්‍රදේශ සඳහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමුකළ යුතු මට්ටමේ තිබෙන බවයි දැක්වෙන්නේ. මෙම නිවේදනය හෙට (24) පස්වරු 2:30 දක්වා වලංගු වෙයි.

t

o

p