Special News

කෙහෙළිය ජයගනී

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වේ. යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දින තුනක විවාදයකින් අනතුරුව අද පාර්ලිමේන්තුවේදී පරාජය Read More

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ බහුතර ඡන්දයෙන් අනුමත විය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි විය. මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ කාරක සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී Read More

ජාතික උරුමයන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන ඇති පියවර පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, සංචාරක Read More

බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම මෙරට ආර්ථිකයට වැදගත්

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් Read More

ග්‍රාම නිලධාරීන් 4000ක් බඳවා ගනී

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරි තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අ‍ශෝක ප්‍රියන්ත මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය Read More

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රට හැරයාම සත්‍ය හා මිත්‍යාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 22 ක කථිකාචාර්යවරුන් 135 දෙනෙකු 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත. තවත් 63 දෙනෙකු සේවය අතහැර (vacation of post – VOP) ගොස් ඇත. 2023 මුල් මාස 8 තුල විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ කථිකාර්යවරුන් සංඛ්‍යාව 198 ක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නහැක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Read More

දරුවන් සහ කාන්තාවන් සිගමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බව Read More

ව්‍යාජ ස්ටිකර් ඇලවූ මධ්‍යසාර බෝතල් වල දඩය රුපියල් පන්කෝටි විසි ලක්ෂයයි

දැනට අත්අඩංගුවට ගෙන ඇති මධ්‍යසාර බෝතල් 43,776ක ව්‍යාජ ස්ටිකර් අලවා ඇති බව තහවුරු වී ඇති බවත් සෙසු බෝතල් හඳුනා ගැනීම සඳහා තව දුරටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වරදකාර සමාගම් වෙත Read More

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස ඩලස් අලහප්පෙරුම පත්වෙයි

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයන් වන චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී. නියෝජ්ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා Read More

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණයන් දැනුවත් කිරීමක්

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණ නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කොට තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව පැෆරල් ආයතනය විසින් මෙම වැඩමුළු සඳහා තරුණ නායකයන් තෝරා ගෙන තිබිණි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්වයෙන්ම පැවති මෙම වැඩමුළු සඳහා ප්‍රධාන සම්පත් දායකත්වය සැපයූවේ , පාර්ලිමේන්තු මහලේකම් Read More

t

o

p