Video

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් වේදිකාව කඩාගෙන යයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35 ට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ අංක 420 දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එම දුම්රියෙහි රියදුරු මහතා අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතී ඇත. එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ Read More

මිලියන සංඛ්‍යාත ජනතාවක් නැරබූ පූර්ණ සූර්යග්‍රහණය

මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයාගේ හිස් අහස දෙසට ඔසවමින් අන් කිසිවකට සමාන නොවන ලෙස චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයක දර්ශනයක් සමීප කරවන්නට විය. සම්පූර්ණ සූර්යග්‍රහණය සඳුදා දිනයේ මෙක්සිකෝව තුළින් ආරම්භ වී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයේදී මෙන්ම නයගරා දිය අල්ලේ ඉහළ අහස අඳුරු කරමින් විශ්මය Read More

ආසියාවේ වැඩිම කොටි ඝනත්වය විල්පත්තුවේ

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය බවට වසර 13ක පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට වැඩි පිරිසකගේ කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇත. එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක්කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතා සමත්ව තිබේ. දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය. 2013 වසරේදී ඔහු එම උපාධිය Read More

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය ඇරඹෙයි 

කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ආරම්භ වී තිබේ. යාපනය පදවියේ රදගුරු, ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් උත්කර්ෂවත්ව පැවැත්වෙන කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටින බවයි වාර්තා වෙයි. මෙම දේව මංගල්‍යය සඳහා වාර්ෂිකව ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් මෙන්ම ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වෙයි. කෙසේවෙතත් Read More

ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණට

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.ඒ, ඔහු අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු සිනමා පටය වෙනුවෙන් ය. එය, ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජිවිතක්ෂයට(පින්තූර)

කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (25) කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, අනතුරින් රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම Read More

ජුලී චන්ග් සිරිපා කරුණා කරයි

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබේ. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ Read More

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීමට පිළිරුවක්

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබේ. මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සීතාවක ඔඩිසි දුම්රිය යළි ගමන් අරඹයි

සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්තයේ ගමන් ආරම්භ කෙරෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පසුගිය දා එම දුම්රිය තාවකාලිකව නවතා දැමුණේ, අයහපත් කාලගුණය හේතුවෙන්. මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හි ධාවනය කෙරෙනු ඇති. ඒ අනුව හෙට කොළඹ කොටුවෙන් පෙරවරු 8.25 ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රිය යළි පස්වරු Read More

t

o

p