Gallery

අවු. 72 දී ලොව දිනූ අකිලා ජනපති හමුවෙයි

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ. 72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන Read More

කිල්මිශා ජනපති එක්ක සෙල්ෆී ගහයි!

දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී ජනාධිපතිවරයා ඇයට සුබ පැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා ඇය සමග සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීමට පිළිරුවක්

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබේ. මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

නාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභා කථානායකවරයා හමු වෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර සංස්කෘතිකමය වශයෙන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පවතින සමීප සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක් මුල්ලේ පවතින සමීප සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගත Read More

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. “සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම Read More

COP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය. දේශගුණික විපර්යාස තුළින් සිදුවන බලපෑම මෙන්ම ඒ Read More

ජනපති සහ ග්‍රීසියේ අගමැති අතර හමුවක්

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය. දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත Read More

t

o

p