Sports

14වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය ලංකාවේ දී

14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය 2024 ජුනි 4 දින සිට 8 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත. මේ සදහා වූ විශේෂ සාකච්ඡාවක් ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ සභාපති Datuk Paul Chua මහතා, විධායක අධ්‍යක්ෂ Christina Y Kam මහත්මිය සහ ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ මහලේකම් Chetan M. Pathare Read More

ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වැනි තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තුන්වැනි තරගය අද (16) පැවැත්වෙයි. ඒ ඔස්ට්‍රේලියාව සමගයි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ටයි. දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස Read More

ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන සටන අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමා වුණේ විසඳුමකින් තොරවයි. අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000කි. Read More

ශ්‍රී ලංකාව අද 2023 ‍ලෝක කුසලානයේ තරඟ බිමට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පස්වරු 2ට ආරම්භ වේ. කණ්ඩායම් දෙකම පෙරහුරු තරගවල දී දැක්වූ දක්ෂතාවලට වඩා මේ ආරම්භක තරගයේදී පෙරට පැමිණීමට උත්සහ දරන බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග එක්දින තරග 80ක් Read More

ධනුෂ්ක ලංකාව පැමිණ මාධ්‍යට කියූ කතාව

ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියහ. ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා Read More

චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදි කළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අද සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා. දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි Read More

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ඊයේ (28) පස්වරුවේ පැවසීය. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට Read More

20 / 20 ක්‍රිකට් ඉතිහාසයට නේපාලයෙන් ලෝක වාර්තා 7ක්

නේපාලය අද පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලෝක වාර්තා 7ක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 273කින් ජය ගනිමිනි. චීනයේ හංජෝ නුවරදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාලය වෙනුවෙන් කුෂාල් මල්ලා පන්දු 34 කින් ශතකයක් රැස් කළේ ය. ඔහුගේ Read More

ආසියානු කිරුළට යළිත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකට ගැටෙයි

‍ඊයේ (24) දින චීනයේ හැන්ග්ෂුහිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත. එම ජයග්‍රහණයත් සමග ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (25) දින පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී කාන්තා කණ්ඩායම සමත්ව ඇත. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා Read More

වනිඳුට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංහ ට 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ, ආබාධ තත්ත්වයකට පත්වීම හේතුවෙනි. මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ආසියානු කුසලානයට ද තරග කිරීමට අවස්ථාව හිමිනොවුණි.

t

o

p