Business

මෙරට මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් ඩොලර් ගන්න සැලසුමක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය. ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. 1983 සිට Read More

ලංගමට කෝටි 3කට අධික ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය. වසරකට අධික කාලයක් සිදු කළ අන්තර්ජාලය ඔස්සේ මගී ආසන වෙන් කිරීමේ සේවාව අති සාර්ථක බවත් sltb.eseat.lk වෙබ් අඩවිය ඔස්සේ මගී ආසන වෙන්කරගත හැකි බව ද ඔහු සඳහන් Read More

බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා

ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම Read More

සුඛෝපභෝගී මගී නෞකා 35ක් කොළඹට

එලඹෙන සංචාරක සමයත් සමග නව වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාසය පවසයි. එමෙන්ම ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවට සඳහන් වෙයි. එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් Read More

‘රැලි මේරියන්ස් – 2024’ හලාවතදී

හලාවත ශාන්ත මරියා පාසලේ පාසල් ගොඩනැගිලි හිඟයට පිළියමක් ලෙස නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීම සඳහා “රැලි මේරියන්ස් – 2024 ” (Rallymarians – 2024) නමින් මෝටර් රථ රැළියක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටල් පරිශ්‍රයේ පසුගියදා (16 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, එම විදුහලේ විදුහල්පති ජනක නිශාන්ත පියතුමා Read More

බඩඉරිඟු ආනයනයට අවසර

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන්. කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිතයි. සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් මෙම බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණි. ජනාධිපති Read More

අක්කර භාගයකින් රුපියල් කෝටියක්

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ. මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි. පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන Read More

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ, ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ණය ආධාරයක් ද ලැබීමට නියමිත බවයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සත්‍යාපනයෙන් පසුව ලෝක බැංකුව මෙම මුදල ලබාදීමට තීරණය කර තිබුණි. මේ වනවිට Read More

IMF දෙවැනි වාරිකයට අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා Read More

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට ‘Lanka e-Mobility Solutions’ (Private) Limited (LeMS) පියවර ගෙන තිබේ. ‘e-wheel’ ලෙස නම් කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිත කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇත. මේ අනුව මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට Read More

t

o

p