ජනපති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම නැවතීමේ කතාව බොරුවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ මතය වූයේ ඉහත තීරණය සතියක කාලයක් ප්‍රමාද කිරිමට පමණකැයි රජය ප්‍රකාශ කර සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී මේ කරුණ පිළිබඳව එරට රජය සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට ඉහත කාලය යොදා ගැනෙන බවද රජය ප්‍රකාශ කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධව අග්‍රාමාත්‍ය Read More

ජමාල් කශෝගී ගැන සොයන්න පොම්පේ ඕ සෞදියට

ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම, මාධ්‍යවේදියකු ද වුණු 60 හැවිරිදි සෞදි ජාතික ජමාල් කශෝගී, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මරා දමා ඇතැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සෞදි අරාබිය බලා පැමිණියේය. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ සෞදිය බලා පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. කාශෝගී අතුරුදන්වීම Read More

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

සතොස මුදල් රුපියල් මිලියන 5.2 අවභාවිතාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල මහාධිකරණයෙන් අද(17) නිදොස් කොට නිදහස් කොට ඇත. වයඹ  පළාත් සභා මැතිවරණයේදී  සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී  අධිකරණයෙන් නියෝග කර තිබිණි.

සනත් ජයසූරියට ICC යෙන් චෝදනා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක , හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කර තිබේ. ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙලෙස චෝදනා කර ඇත. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පරීක්‍ෂණවලට සහාය නොදැක්වීම හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීම, පරීක්‍ෂණවලට බාධා කිරීම හෝ Read More

ලැබෙන ආධාර මුදල් වලට සුබ සාධනයක් නෑ ; ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට චෝදනා

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට දේශිය හා විදේශිය වශයෙන් ලැබෙන ආධාර මුදල්වලට සාපේක්ෂව ප්‍රමාණවත් සමාජ සුබ සාධනයක් නොකෙරෙන බැවින් එහි ප්‍රධානියෙක් ඇතුළු කණ්ඩායමකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සමජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා වෙත ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණිලි කර ඇත. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින් සිය පැමිණිලිවලින් Read More

හිටපු ජනාධිපති තුමා හීනෙන් බය වී මම තමයි ජනාධිපති කියා වැඩ කරනවා

නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා අපිට චෝදනා කරනා හිටපු ජනාධිපතිතුමාට මතක නැහැ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටියා කියලා.  හිටපු ජනාධිපතිතුමා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරනවා . ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරනවා. බලය තියෙනවා නැති වෙනවා හැබැයි බලයට Read More

නාමල් උයනේ ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කරමින්

ගල්කිරියාගම, උල්පතගම ජාතික නාමල් උයනේ ඉදිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීම සහ එම කාර්යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනි දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු Read More

බදුල්ල පූනාගල නව ගම්මානය ජනතා අයිතියට

බදුල්ල දිස්ත්‍රික්කයේ පූනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඔක්තෝම්බර් 13 වැනි අද දින පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිතය සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය‍දොස්තර රාජිත සේනාරත්න මහතා හා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා යිතියට පත් කෙරේ. බදුල්ල Read More

මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තියයි

මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සැළකිය හැකි බවත් අවිහිංසාවදී ව්‍යාපාරය හරහා ඉන්දියාවේ නිදහස් අරඟලයට මහත්මා ගාන්ධිතුමා පුරෝගාමීත්වය ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ බිහි වූ අවිහිංසවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධී මැතිතුමාගේ 150 වැනි ජන්ම දිනය  වෙනුවෙන් විශේෂ විවාදයක් අද (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එම විවාදයේ දී අඳහස් දක්වමින්  අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය. Read More

මාලිංගගේ උත්සාහය අපතේ යයි ; එංගලන්තයට ලකුණු 31ක ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 13 වැනිදා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලබා Read More

t

o

p