යුරෝ 2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ. අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පකිස්ථානය ඉදිරියෙන්

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 40ක් ලබා සිටියි.

රාජකීය විදුහල ඉසිපතනෙට පරදියි

ජනාධිපති කුසලාන රග්බි තරඟාවලියේ අද පැවති අවසාන මහා තරඟයේදී ඉසිපතන විදුහල විසින් රාජකීය විදුහල ලකුණු 47ට 12ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය. මෙම තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණ.

බාල ඉන්ධන හරවා යවලා

මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන තොගයක් නිසි ප්‍රමිතියට නොමැතිවීම හේතුවෙන් නැවත හරවා යැවූ බව ඛණිජ තෙල් සහ පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

කොස්ගම පිපිරීම: ‘බිම තිබෙන දෑ අල්ලන්න එපා’ – හමුදාවෙන් නිවේදනයක්

කොස්ගම හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් පසු එම ප්‍රදේශයේ බිම වැටී ඇති කිසිවක් ඇල්ලීමෙන් වලකින ලෙස යුධ හමුදාව නිවේදනය කර සිටියි. පුපුරා නොගිය අවි මෙසේ තිබිය හැකි බැවින් එවැන්නක් දුටුවහොත් වහාම යුධහමුදාවට දැනුම් දෙන ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා සිටියේ ය. 011 3818609 අංකය ඔස්සේ මේ පිළිබඳ දැනුම් දිය හැකි බව ඔහු පැවසුවේ ය.

කිරි ඉබ්බාන් විකිණුවාට 80000ක් දඩ

කිරි ඉබ්බකු රුපියල් 8000 සිට 10000 දක්වා මිලට නොරොච්චෝලයේ චීන අවන්හල් වලට හා චීන ජාතකයනට විකිණූ දෙදෙනෙකුට ආණමඩුව මහේස්ත්‍රාත් ජානකී එෆ්. විජේතුංග මෙනවිය රුපියල් 80000 ක දඩ නියම කළාය. පන පිටින් සිටි කිරි ඉබ්බා වන ජීවියට බාර දෙන ලෙසත් මැරී සිටි ඉබ්බා විනාශ කිරීමටත් මහේස්ත්‍රාත්වරිය ආණමඩුව පොලිසියට නියම කළාය. ආණමඩුව මැරුංගොඩ ප්‍රේමතිලක හා අශින්ත චතුරංග Read More

විධිමත් පරීක්ෂණයකට ජනපති උපදෙස්

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ඊයේ (05) සවස ඇති වූ මහා ගින්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ ‍වෙතට නියෝග කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාව මේ සඳහා සූදානමින් තබන ලෙසද උපදෙස් දී ඇත.

පංච පුද්ගල කමිටු වාර්තාව පොලිස් කොමිසමට

පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පොලිස් කොමිසම වෙත භාර දී තිබේ. පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මගින් උප පොලිස් පරීක්ෂකවරුන්ගේ සිට ඉන් පහල නිලධාරීන් සඳහා උසස් වීම්  සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි. එම නිර්දේශ පිළිබඳව ලබන 09 වැනිදා රැස්වන පොලිස් Read More

ලක්ෂ 6ක දැව සමග 1ක් මාට්ටු

රඹුක්කන ප්‍රදේශයේ රක්ෂිතවලින් කපන ලද දැව තොගයක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රඹුක්කන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදී රක්ෂිත ප්‍රදේශවලින් කපන ලද තේක්ක, කොස්, මහෝගනී දැව කඳන් තොගයක්  සොයාගෙන තිබේ. එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු Read More

යුධ අපරාධ ගැන කියන්න ශිවාජිලිංගම් ජිනීවා යයි

යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ජුනි 13 වැනිදා සිට ජුලි පළමු වැනිදා දක්වා ජීනිවා නුවර දි පැවැත්වෙයි. අදාළ සැසිවාරය අතර තුර තම ඉල්ලීම Read More

t

o

p