තමා ගැන පොල් ගෙඩි අකුරින් දැමුවයි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් මාධ්‍යයට දෝස් මුරයක්

මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ස්වාමීන්වහන්සේ නමකට ලබාදී නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. තමන් හාමුදුරු කෙනෙකුට මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ලබා දි ඇති බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ වීම නිසා මුළු මහනුවරම කැළó ඇතැයිද අමාත්‍යවරයා කීවේය. Read More

වැට් නැතත් ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ – රජය කියයි

ඉන්ධන මිල කිසි ලෙසකින් වැඩි නොකරන බව රජය ප්‍රකාශ කරයි. වැට් බද්ද උසාවි නියෝගය විකල්පයක් ලෙස තෙල් මිල වැඩි වන බවට රාවයේ කිසිදු සත්‍යයක් නැතැයි රජය කියයි. ඉදිරි වසර දෙකක කාලය ඇතුළත වැට් බදු පැනවිමෙන් අපේක්ෂිත මුළු මුදලම කිසිදු අඩුවකින් තොරව උපයාගත හැකි බව පෙන්වා දෙන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උසාවි නියෝගය දී තිබියදීත් Read More

හම්බන්තොට වරායෙන් හා ගුවන් තොටුපලින් මහින්ද රාජපක්ෂ ඉවත් කරන්න බැහැ අගමැති කියයි

හම්බපන්තොට වරායේ හා මන්තල ගුවන් තොටුපොලෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරිමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයන් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. චින ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරවරය ආරම්භ කිරිමත් සමඟම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ නම Read More

මාලබේ වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා අර්ධ රාජ්‍යවෙයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු අද (21) එකඟතවයට පැමිණියහ. රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උâසන පැවැත්වූ සාකච්ඡාවේදීය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ Read More

පළාත් පාලන ඡන්දය ඉක්මණින් තියන්න එය අපට වාසියි. එ.ජා.ප මැති ඇමතිවරු ඉල්ලයි

කුමන ඡන්ද ක්‍රමයකට හෝ පළාත් පලන මැතිවරණය හැකි විගස පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21) ඉල්ලා සිටියහ. සමානුපාතික ක්‍රමය හෝ කොට්ඨාශ ක්‍රමය යටතේ හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට අනුව පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පවත්වා ගැනිම සිය අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කරුණු දැක්වූ මැති ඇමතිවරු ඉල්ලා සිටියහ. Read More

ගල් අඟුරු ගනුදෙනුව සිදුකළේ විනිවිද භාවයෙන් යුක්තවයි…

ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “ගල් අඟුරු ගනුදෙනුවේදී සමහර තැන්වල විශාල අලාභයක් හුවා දක්වා තිබුණා. මේක ඉතාම සරල වැරදි තර්කයක්.  ඒ වගේම විගණන විමසුමක් ගැන කතා කළා. අවසානයේ අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු 02 Read More

රාජ්‍ය ආයතන හතක් විකුණා දමන්න රජය අර අදියි

මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපළ ඇතුළු රාජ්‍ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ. අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළඳපළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමට ද රජය තීරණය කර ඇත. මත්තල ගුවන්තොටුපළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල්, හයිටි රිජන්සි හෝටලය, ඇතුළු පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත. මේ Read More

හිටපු මන්ත්‍රීවරිය කොස්ස අතට ගනියි

ජීවන බර ඉහළගොස් ඇති  බැවින්, ‍ජනතාවට ලබාදුන් පො‍රොන්දු  ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය  යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල  මහත්මිය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද Read More

නන්දිමිත්‍ර යෝධයා ඉන්න පරිගණක ක්‍රීඩාවක්

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකුවන දුටුගැමුණු රජුගේ හමුදාවෙහි සිටි දස මහ යෝධයින් පිලිබඳව අපි හැම විටම කතා කරන්නේ ආඩම්බරයෙන්. දස මහ යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා ලෙස හැඳින්වෙන නන්දිමිත්‍ර චරිතය යොදාගෙන සැකසූ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ වාර්තා වෙනවා. මෙම ක්‍රීඩාවේ නම “කංඡායුධ”. වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම පරිගණක ක්‍රීඩාව තනා ඇත්තේ ලාංකීය නිර්මාණකරුවන් පිරිසක් වීම යි.

t

o

p