ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

ගංවතුරෙන් හා නාය යෑම්වලින් ජනතාව අවතැන්වූ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 09 ක ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන අයදුම්පත් එකතු කිරිමේ ප්‍රමාදයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එම නිසා මෙම ප්‍රදේශයන්හි ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරනා බවද රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි Read More

අයිතිය උදෙසා සරුංගලය

ඡන්ද අයිතිය පිළිබඳ හා දේශපාලනය පිළිබඳව ජනතාවගේ තිබෙන ආකල්ප වෙනස් කිරිම සඳහා # Youth VotesSL වැඩසටහනක් ලබන 05 දා සිට ආරම්භ කරනා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේය. ජාතික තරුණ සේවා සභාවේද සහයෝගය ලබා ගනිමින් ඡන්ද අයිතිය Read More

නාමල්ට අද අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (28) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කොට තිබේ. ඒ, හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.  

ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් සදහා මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කරයි

ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සවිස්තරාත්මක ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කර ඇත. එමගින් වඩ වඩාත් කාන්තාවන් සේවා ස්ථානය වෙත පිවිසීම සහතික කරනු පිණිස, රජය විසින් දිවයින පුරා ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් තහවුරු කරන බවට සහතික වේ. ඒ අනුව 1.    දිවයින පුරා පවත්නා මධ්‍යස්ථාන අතර තත්ත්ව නිශ්චිත, ප්‍රමිතිගත Read More

පවතින මිළට වඩා 40‍% ක් අඩුවෙන් ඉදිරියේදී සුළං බල විදුලිය ලබා දෙන්න සුදානම්

පවතින මිළට වඩා 40‍%ක් අඩුවෙන් සුළං විදුලිබලය ලබාගැනීම සදහා මිළ ගණන් කැදවීම අනුව අද දවසේ අවස්ථාව ලැබුණු බව විදුලිබල පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍ර‍කාශ කරයි. ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ  (27) පස්වරුවේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු අගෝස්තුවේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසු ආරම්භ කළ හැකි බව එම කමිටුව දැනුම් දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු හයේ වාර්තාව ලබන අගෝස්තු පළමුවෙනිදා ඉදිරිපත් කිරිටම නියමිත බවත් එම වාර්තාව පදනම් කර ගනිමින් ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව වාර්තාවක් Read More

t

o

p