අපනයන ආදායම දෙගුණයක් කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

අන්තර්ජාතික ආයතනයක් මගින් රජය වෙත ලබා දී තිබෙන වාර්තාවකට අනුව, දැනට ඩොලර් බිලියන දහයක පමණ සීමාවේ තිබෙන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් එනම්; ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමේ හා අපනයන ආදායමේ ශුද්ධ බලපෑම (net effect) බිලියන 8.6 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙන බව , පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලු විසඳන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලුව අදාළ සියලු පාර්ශ්ව කැඳවා සති දෙකක් තුළ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී. මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව Read More

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව Read More

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යංශය ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර තිබේ. නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඔහුට එරෙහිව අන්තර්ජාතික Read More

වල් වැවී ඇති ඉඩම් වගාකිරීම සදහා ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකසන්න – පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාව

බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ සතු වතු සම්බන්ධවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්කරන ලද අතර, වැවිලි සමාගම් විසින් අතැහර දමා වල් වැවී ඇති අක්කර දහස් ගණනක ඉඩම් වගාකිරීම සදහා අවට පදිංචි වැසියන්ට ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකස් කරන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙනලදි. මෙයට අමතරව, ජාතික Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) රාත්‍රියේ දී මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) රාත්‍රියේ දී මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිං ගගේ අත්තනගලු‍ ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි. තව ද නිල්වලා ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, Read More

ඉන්දියාව සහ ලංකාව අතර විදුලි බල පද්ධතිය ඒකාබද්ද කිරීමට සුදානමක්

ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමටද බලාපොපොරොත්තු වන බව ජනාධිපතිවරයා කියා සිටියි. එමෙන්ම, ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු සබඳතාවයක් ඇති කර ප්‍රවාහන සේවයක් ඇති කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේවනවිටත් සිදු කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරම මුසලි ජාතික පාසල් Read More

විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කිරීමක් ගැන අනාවරණයක්

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදීයි. ඉන් වාහන 75 ක්ම ගෙන්වා ඇත්තේ එක් ආයතනයකින් බවට ද අනාවරණය වී තිබේ. වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය දැනුම්දෙයි. කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දුම්රිය පීල්ලක් හානියට පත්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි වාර්තා වෙයි.

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් ය. මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ජනතාව ඒ පිළිබඳ දැඩි Read More

t

o

p