උසස් පෙළ අවසන් කරන සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දීම

උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දී ම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් එලෙස සිදුකිරීමට නියමිතයි. අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ Read More

ජීවිත 90ක් බිලිගත් අමෙරිකාවේ හිම කුණාටුව

ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ. පවතින අධික හිමපතනය සහ ශීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බව අපේක්ෂිතයි. අධික හිමපතනය හේතුවෙන් රටපුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර, පවතින දැඩි ශීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටී. වැඩිම මරණ ගණනක් ටෙනිසි සහ Read More

දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ , එම දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් එම පියවර ගත් බවයි. මේ වනවිටත් යාපනයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් Read More

ජුලී චන්ග් සිරිපා කරුණා කරයි

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබේ. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ Read More

ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමු වෙති

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය. මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට Read More

VAT නිදහස් සාප්පු සංකීර්ණ

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමිනි. අමාත්‍යවරයා අවධාරණය කළේ, අදාළ වෙළෙඳසැල් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. එහිදී මෙම වැඩපිළිවෙල පිලිබඳ තවදුරටත් Read More

ඉන්දියානු සාගර මධ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියානු සාගර මධ්‍යයේ පිහිටි අග්නිදිග කඳුවැටියක අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් බවයි. මෙම ප්‍රදේශය මැඩගස්කරයේ සිට කිලෝමීටර 1,636ක් දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ආනයනික බිත්තර මිල ගණන් වල වෙනසක්

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මේ අනුව මෙතෙක් 35ට විකුණු ආනයනික බිත්තරයක මිළ රුපියල් 43 ක් වන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. වැට් බදු සංශෝධනය හමුවේ මෙම මිළ ගණන් සංශෝධනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම් වෙයි

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය. පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ Read More

සංචාරක ව්‍යාපාරයේ දියුණුවට එන “Pekoe trail”

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත “Pekoe trail” ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ. “Pekoe trail” ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට Read More

t

o

p